තරිඳු ජයවර්ධන
කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අනුමත කළ දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් 50 දෙනකුට අදාල උසස්වීම් නියෝග පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) නිකුත් කළේය.
එම 49 දෙනා අතර සිටින නිලධාරීන් 15 දෙනකුට දැනට සිටින තනතුරට පත්වූ දිනය පෙරදාමත කර නියෝග නිකුත් කර ඇති අතර සෙසු පිරිස එම නිලයේ සිට ඊට වඩා ඉහළ නිලයන්ට උසස් කර තිබේ.
මෙලෙස සහන ලැබූ පොලිස් නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරු නව දෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 15 දෙනෙක්, පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරු 16 දෙනෙක් , පොලිස් සැරයන්වරු හය දෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් සිටිති. එම පොලිස් කොස්තාපල්වරයා අද(20) සිට ක්‍රියාත්මක වන පරිදි උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ සිට සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කරන ලද නිලධාරීන් දෙදෙනකුට එරෙහිව විමර්ශන සහ නඩු කටයුතු පැවැත්වෙන බැවින් ඒ දෙදෙනා පොරොත්තු ලේඛන ගත කරන ලෙස ද පොලිස්පතිවරයා නියෝග කර ඇත.
කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ දේශපාලන පළිගැනීමට ලක්වූ නිලධාරීන්ගේ ලැයිස්තුවට අදාළ උසස්වීම් ලබා දෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය අගෝස්තු 06 වැනි දා පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි. එම නිර්දේශ සති ගණනක් තිස්සේ ක්‍රියාත්මක නොවීම ගැන පොලිස් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කළේය.
පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් කැඳවූ ජාතික පොලිස් කොමිෂන් සභාව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට දින 14ක කාලයක් ලබා දුන්නේය. එම දින 14ක කාලය හෙටින් (21) අවසන් වීමට නියමිත එතර ඊට දිනකට පෙර පොලිස්පතිවරයා උස්වීම් නියෝග නිකුත් කර තිබේ.
2025 නොවැම්බර් මස 21
317
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1279
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ පොලිස් නිලධාරීන් 50කට උසස්වීම්