IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දේශපාලන පලිගැනීම් කැබිනට් පත්‍රිකා යළි සලකන්නැයි ඉල්ලීක්

බිඟුන් මේනක ගමගේ
 
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරින් වෙත සහන සැලැසීමේ අරමුණෙන් නිකුත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා පහ නැවත සමාලෝචනයට ලක්කරන්නැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටී.
 
අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් සහන සලසා දී ඇති බොහෝ දෙනෙකු දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් නොවන බවටත් දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළව කර ඇති සහන සැලැසීම්වලින් එහි පරිපාලනය විකෘති වී ඇති බවටත් එම සංගමය චෝදනා කරයි.

සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී විතානගේ මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක් මගින් මෙම ඉල්ලීම කර ඇත.
 
මෙම සහන සැලැසීම නිසා විවිධ දුෂ්කරතා මැද වැඩ කළ සේවකයින්ට අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරන හෙතෙම රටතුල යහපාලනය ගොඩනගන බවට ජනතාවට පොරොන්දු වූ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 (1) ව්‍යවස්ථාවෙන් සැලසී ඇති ප්‍රතිපාදනයන් අනිසි ලෙස යොදාගැනීමක් මෙමගින් සිදුව ඇති බව පවසයි.
 
මෙම අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්තමක කළහොත් වගකීම් සහිත තනතුරුවලට නුසුදුසු අය පත්වීමෙන් දුම්රිය පරිපාලනය බරපතල ලෙස කඩාවැටෙනු ඇති බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.  



අදහස් (1)

දේශපාලන පලිගැනීම් කැබිනට් පත්‍රිකා යළි සලකන්නැයි ඉල්ලීක්

kalpa Wednesday, 02 May 2018 01:20 AM

පසුගිය කාලෙ වැටුප් තල සකස් කිරීමේදී කළමණාකරන සහකාර සේවයේ පළමු පංතියේ හා අධිශ්‍රේණියේ අයට පහල ශ්‍රේණිවල අයට අඩුවෙන් වැටුප් ලැබෙනසේ වැටුප්තල සකස්කලා. එහෙම කලේ එම ශ්‍රේණිවල ඒ වනවිට සිටියේ 1994 ට පෙර බදවාගත් අය නිසා. පැවති රජය සිතුවේ ඒ සියලුදෙනා එ.ජා.ප.පාක්ෂිකයන් කියලා. වැටුප් කොමිසම පුද්ගලික ඉල්ලීම් කල කීප දෙනෙකුට ඔවුන්ට පුද්ගලික වනසේ වැටුප් වැඩිකලා. (මේ වෙනුවෙන් එක් වෘත්තීය සමිතියක් වැඩකරනවා කියනවා නමුත් ඒහිත් කිසිම ප්‍රගතියක් නම් නැහැ.). මෙනිසා දැනට විශ්‍රාම ලබාසිටින පිරිසට සිදුවුනේ බලවත් අසාධාරණයක්. මෙයත් දේශපාලන පළිගැනීමක්. කුමන රජයක් පත්වුනත් සැමදාම ජයගන්නේ එකම පක්ෂයේ අය. එනිසා දැනට අසාධාරණයට පත්ව සිටින අප ගැනත් සලකා බලනවානම් එය අසාධාරණයට ලක්වූවන්ට කරන සාධාරණයක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site