තරිඳු ජයවර්ධන
මංගල උත්සවයක මනමාලියගේ සාරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් දොයා ගැනීම කිසිසේත් නොගැලපෙන, වැරදි ක්‍රියාවක් බව ලංකා ගුරු සංගමය කියයි.
අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයයේ ළමයින් 200ක් පමණ මේ සඳහා යොදාගෙන ඇතැයි ද, උදෑසන 6ට පමණ බස් රථ වලින් සිසුන් එම ස්ථානයට ගෙන ගොස් ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
පාසල් සිසුන් දේශපාලන වැඩවලට සහ විවිධ ප්‍රවර්ධන වැඩවලට යොදා ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වූ බවත්, සිසුන් මෙවැනි වැඩවලට යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ස්ටාලින් මහතා කීවේය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය දා ජනපතිවරයා පිළිගැනීමට ද පාසල් සිසුන් යොදාගෙන තිබූ බව ත ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියෝ අමාරුවෙන් ළමයි පාසල් යවන්නේ එක එක්කෙනාගේ සාරි පොටවල් උස්සන් මහපාරේ ඉන්න නෙවේ. මේ වගේ අමනවැඩ පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.
ජනාධිපතිව නම් පිළිගත්තත් කමක් නැහැ... මේ කොහෙවත් ඉන්න කාන්තාවකගේ ඔසරිපොට අල්ලාගෙන ඉන්න පාසල් සිසුන් දාගන්නේ නැතිව....
තදින් හෝ බුරුලට ක්‍රියාත්මක කරන්න නීතියක් තියෙනවද?
ඔතන ඉන්නවා නේද වග කිය යුතුම මහත්මයෙක්... එයාගේ අදහස මොකක්ද දන්නේ නැහැ...
මේ කරල තියෙන්නේ අන්තිම වැරදි වැඩක් ඒත් සයිටම් විරොධි දොස්තර සංගමයට ළමයි ගුරුවරු කඩේ යැව්ව එකත් වැරදියි
චමින්දගේ අදහස ගැන සියට දෙසීයක් එකගවෙමි.
මනමාලියගේ සාරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් දොයා ගැනීම දේශපාලන වැඩවලට සිඟමනේ යාමට සාමනේරු හාමුදුරුවරුන් යොදාගැනිම. දේශපාලඥයන්ට උත්දසව වලදි දරුවන් ලවා වැන්දවිම අපි දැඩිසේ පිලිකුගෙන් හෙළා දකිමු.
මෙවැනි දේවල් අනුමත කරන නිලදාරීන් ගැන කතා කරන්ඩ වචන නැත
විදුහල්පති මහා ලොකුවට කතා කලේ ඒක පාසලට ලැබුන ලොකු අවස්ථාවක් වගේ. මේ වගේ ඔලමොට්ටල, දේශපාලකයන්ගේ අතකොලු බවට පත් වුන නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. මේවා ළමා අපයෝජන. මේවට කෑගහන්න රාජ්‍ය නොවන සංවිධානයක්වත් නෑ. මෝඩ දෙමවුපියොත් තමුන්ගේ දරුවෝ පාරවල් ගානේ විකුනනවා.
මේක රජය සම්බන්ධ වැඩකුත් නෙමෙයි. මහ ඇමතිවරයා කාගේ හරි උවමනාවට කඩේ යෑමක් ඔය කරන්නේ. පාන්දර දෙකහමාරේ ඉඳලයි පාසල් දරුවන් පවා ලෑස්තිවුණා කියලයි මාධ්‍ය වාර්තා කලේ. මේක තනිකරම ළමා අපයෝජනයක්. මේ වගේ ඔලමොට්ටල දේශපාලකයින්ට දඬුවම් දෙන්න තරම් නීතියක් රටේ තියෙනවද..? මේකට යමක් නොකළොත්.., මේවගේ දේවල් විලාසිතාවක් වෙන්න පුළුවන්.
ඇත්ත.... පාසල් දරුවන් ඔසරි උස්සන වැඩේට යෙදවීම අපරාධයක්. එකෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා දවසකට හරි. හැබැයි ගුරු සංගම් ලොක්ක දොස්තර මාෆියාවට කඩේ යන්න තමන්ගේ ගෝලයෝ ටික යෙදෙව්වෙන් සිද්ධ වුනෙත් ඒකම තමයි.
පාසැල් ළමුන් මෙවැනි දේවල්වලට සම්බන්ධ කර නොගෙන ඕකට අර පාර්ලිමේන්තුවේ ඉන්න ළමුන් දෙසිය පනස්දෙනා යොදා ගත්තානම් මෙභෙම අවුලක්නැහැනේ.
රටට ගෞරවයක් ආඩම්බරයක් දෙන ගිනස් වාර්තාවක් පවා තියපු ලස්සන වැඩක් නේ මේක .. අයි හැම දේම මේ වගේ පටු විදියට දකින්නේ සමහරු .. ඉරිසියාව වෙන්න ඇති .. පාසල් ළමුන් කැමැත්තෙන් ඡායාරූපවල ඉන්නේ පෙන්නේ නැත්ද ..ඔවුනුත් අසයි මේ වගේ වැඩවලට
කෝ මේ අකිල ඇමති තුමා ?
සරත් නිදහස්