(රෝවන් පෙරේරා සහ එච් චන්දන )
පුත්තලම ආයුර්වේද රෝහල අසළ පිහිටි ශ්‍රි පුරාණ අයියනායක දේවාලයේ පිං කැටය කැඩමින් සිටි සොරකු අද (07) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් ජංගම මුර සංචාරයේ නිරතවී සිටී නිළධාරින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු සොරා ගෙන තිබූ මුදල් ගෝනියක දමා තිබී ඇති අතර සොරා සහා මුදල් පොලිසියට රැගෙන විත් ගණන් කිරීමේදී රුපියල් 14,968 මුදලක් එහි තිබූ බව පොලීසිය සඳහන් කළේය.
අත් අඩංගුවට ගත් මුදල් අධිකරණ කටයුතු වලින් පසුව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ බෞද්ධ හා හින්දු කටයුතු අංශයට බාර දීමට නියමිත බව පුත්තලම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියනායක දේවාල පින්කැටය = මහ බැංකු මහ දවල් මංකොල්ලය
මේ සල්ලි ඇත්තටම අයියනායක දෙවියන්ට දෙනවද? සල්ලිවලට මොනවද කරන්නේ?