(ටෝනි කරුණානායක)
අත්අඩංගුවේ සිටි සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලබන 10වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද(6) නියෝග කළේය.
මිය ගිය සැකකරු සොරකමක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පසුගිය තුන් වැනි දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටියේය.
COMMENTS
අහෝ! කවදාවත් හදන්න බැරි ලංකාවේ පොලිසිය.
මරණ දණ්ඩනය ඉවත් කළා කිව්වට දිනපතාම ඕක ක්‍රියාත්මක වෙනවා. අළුගෝසුවන්ට යුනිෆෝම් අන්දවපු එකම රට ශ්‍රී ලංකාවයි.
එපාම කරපු පොලිසියක් තියෙන්නේ දිවුලපිටියේ , ඔබ පැමිණිලිකාරයෙක් නම් යන්න එපා පොලිසිය පැත්ත පළාතේ....
දැන් ඉතින් ඔය මැරිච්ච මනුස්සයා ගෙදරට බාර දෙන්නැතිව මරපු අයටම දෙන්නයි තියෙන්නේ...
මොන තරම් සහගහන අපරාධයක්ද මේ කරලා තියෙන්නේ. අර අහිංසක මනුස්සයෙකුට ගහලා මේ අය මොනවද බලාපොරොත්තු වුනේ. ඒ අහිංසක මනුස්සයාගේ වයස ගැනවත් හිතුවද මේ අය. නොකළ අපරාධයකට අහිංසකයෙකුට පහර දීලා මරන්න තරම් හයිය අවේ ඒ පැමිණිල්ල දාපු කාන්තාව එක්ක මොකක් හරි පටලැවිල්ලක් ඇති මේ පොලිසියේ අය. ඇන් මරන්න තියෙන්නේ අර පැමිණිල්ල දාපු හෙර තමයි. අහිංසකයෙක් බිල්ලට දුන්නට හෙන ගහන්න ඕනෑ.