(විනීතා එම් ගමගේ)
දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකටම රණවිරු ගම්මානයක් ඉදිකිරීමට තීරණය කළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.
ඒ දිස්ත‍්‍රික්කයන්හි වෙසෙන ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මෙම ගම්මාන වෙන් කෙරෙන බව ද අමාත්‍යවරයා කීය.
ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඉදි කෙරෙන මෙම නිවාස අංග සම්පූර්ණව ඉදිකිරීමට කටයුතු යොදන බවත් ආබාධිතයන් වෙනුවෙන් වූ සියලූ පහසුකම් එහි ඇතුළත් වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන්ට තමන් පදිංචිව සිටින දිස්ත‍්‍රික්කයේම පදිංචි වීමට අවස්ථාව සැලසෙන පරිදි මෙම ගම්මාන සැලසුම් කරන්නේ යැයි පැවසු අමාත්‍යවරයා මේ සඳහා රණවිරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන බව ද සඳහන් කළේය.
ආබාධිත රණවිරුවකු මෙන්ම ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධිත ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපනායක ජේ ඩී පී රවීන්ද්‍ර මහතාට මොරටුව අඟුලානේ සයුරුපුර නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ දී අද (9) මෙසේ පැවසීය.

COMMENTS
කරුණාකර මේ රණවිරු ගම්මාන උතුරේ සහ නැගෙනහිර කරලා පෙන්වන්න. එදාට මමත් ඔයාලට ඡන්දය දෙන්නම්....
එක පැත්තකින් රණවිරුවන්ව පාවා දෙනවා. අනිත් පැත්තෙන් මේ වගේ ප්ලාස්ටික් ශල්‍යකර්ම කරනවා.
ඔබේ පප්පාගේ සල්ලිවලින් කරනවා නම් කාට ගෙවල් හැදුවත් අපට කමක් නැත. නමුත් ජනතාවගේ බදු මුදල් වලින් නම් ඔය ගෙවල් හදන්නේ... ඕකට හුරේ දමන්න අපිට කැසිල්ලක් නැත. බදු මුදල්වලින් ගෙවල් සාදාදීම රටේ සංවර්දනය නොවේ. කරුණාකර ජනතාවගෙන් බදුගසා ගන්නා මුදලින් සංවර්ධනයක් කරන්න. කාගේවත් සල්ලිවලින් තව කාටවත් ගෙවල් සාදාදීමට ඇමතියෙක් වීමට වුවමනා නැත.
හොඳ වැඩක් ඇමතිතුමා.., හැබැයි ආණමඩුවේ හදපු රණවිරු ගම්මානය වාගේ නම් එපා... මොකද ඒ ගම්මානයේ ඉන්නේ රණවිරුවෝ නොවෙයි දේශපාලන හිතවතුන්, ධනවතුන්... අනේ අපේ රණවිරුවන් පව් නේද?
මම එක දෙයක් කියන්නම්.. මේ දේශපාලකයෝ හැමකෙනෙක්ම රණවිරුවෝ උඩදාගෙන කතාකරන්නේ ඒ අයට තියෙන ආදරයටවත්, ඒ අය ගැන කැක්කුමකටවත් නිසා නෙවෙයි.. දකුණේ ඡන්දය ගන්න නම්, පාවිච්චි කරන්න හොඳම දේ තමයි රණවිරුවන්ව උඩ දාන එක. අද රණවිරුවාව උඩදාගෙන කතාකරන කට්ටියම තමයි 89දී ඒ අයව මිනීමරුවන් කියලා ලේබල් කෙරුවේ. උතුරේ මිනිස්සු මැරෙනකොට සොල්දාදුවා = රණවිරුවා. දකුණේ තමන්ගේ අය මැරෙනකොට සොල්දාදුවා = මිනීමරුවා ... ඕකයි වුණේ..
ඔබතුමා දින 100න් ගෙවල් 50000ක් හැදුවා වගේද... මේකත්?
එමෙන්ම දකුණේ 89 භීෂණ සමයේ මල් ආසන මත ගොඩගසා තිබුණු මියගිය විරුවනුත් සිහිකර ගම්මාන හදන්න.
ඊට වඩා ලේසිවෙයි හිර ගෙවල් හැදුවා නම්... එතකොට නිදහස්වෙන කොටින්ට ජේලර්ලා හැටියට රස්සාවලුත් දෙන්න පුළුවන්...
ඔබතුමාගේ ආණ්ඩුවෙන් රණවිරුවන් සිරගත කරද්දී, නිහඬව ඉඳන්, කා සඳහාද මේ නිවාස හදන්නේ?
ලංකාවට නෙලුම් කුලුන, ප්‍රංසයට අයිපල් කුලුන වගේ නැතිනම් ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව වගේ රටට විශේෂ වූ ස්මාරකයක්. එවැනි දෙයක් ඉඳිකිරීම කාගෙවත් පොකට්ටුවෙන් කරන දෙයක් නොවෙයි. අනික රටේ දසදහස් ගණනක් සොහොන් ඉඳිවීම නවත්වපු මිහිහෙක් ලොවට බිහිකළ පියෙකු වෙනුවෙන් එක සොහොනක් දීමට බැරි කුහක සිංහලයින් ත්‍රස්තවාදයෙන්ම මියයායුතුව තිබුණි.
මෙයාගේ තාත්තා පොලිසියේ 600කට වැඩි පිරිසක් කොටින් ඉදිරියේ යටත් වන්න නියෝග දීපු බවත් එම පොලිස් නිලධාරීන්ව කොටි විසින් අමානුෂික ලෙස වදදී ඝාතනය කල බවත් අමතකද? කොටි ත්‍රස්තයින්ට ආයුධ දුන් බවත් අමතකද? මේ රට විනාශ කරන එක තමයි මෙයාලගේ කෙරුවාව. රණවිරුවන් දඩයම් කරන එක නොදන්නා සේයාවක්... බොරු මාධ්‍ය සංදර්ශන එපා...