IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘ද්විත්ව පුරවැසිභාවය ඇති අයට රජයේ උසස් තනතුරු දෙන්න එපා‘ - පැෆරල් සංවිධානය

(විනීතා එම් ගමගේ)

රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා රාජ්‍ය නිලධාරින් පත් කරන විටදී ද ද්විත්ව පුරවැසි භාවය ඇති අය පත් නොකිරීමට වග බලා ගන්නැයි පැෆරල් සංවිධානය බලධාරින් ගෙන් ඉල්ලීමක් කරයි.

එසේ ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයින් ප‍්‍රබල තනතුරුවලට පත් කිරීම වැළකෙන පරිදි නීති සකස් කරන්නැයි ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින  බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (12) පැවසිය.

විශේෂයෙන් රට වෙනුවෙන් තවත් රටවල් සමඟ ගිවිසුම් අස්සන් කරන්නට ඉඩකඩ ඇති තනතුරුවලට ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තන් පත් කිරීමෙන් වළකින ලෙස බලධාරින්ගෙන ඉල්ලා සිටින බව ද හෙට්ටිආරච්චි මහතා කීය.

ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින්ට ද්විත්ව පුරවැසි භාවය තිබීමෙන් විශාල හානියක් විය  හැකි යැයි ද ඔහු පැවැසීය.

යම් අවස්ථාවක දෙරටක් අතර ගිවිසුමක් අස්සන් කරද්දී අදාල නිලධාරියා ගේ පුරවැසභාවය ඇති අනෙක් රට සමග අදාල ගිවිසුම අස්සන් කරන්නට වුවහොත් එවැනි අවස්ථාවක දී හෙතෙම බලපෑම්වලට යටත් වන්නට ඇති ඉඩකඩ වැඩි යැයි ද පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සිද්ධියේ දී ඔහු ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වීම ද විශාල ප‍්‍රශ්නයක් වූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

              



අදහස් (14)

‘ද්විත්ව පුරවැසිභාවය ඇති අයට රජයේ උසස් තනතුරු දෙන්න එපා‘ - පැෆරල් සංවිධානය

ck-paris Friday, 12 May 2017 09:11 AM

මේක නම් ඉතාමත් හොඳ යෝජනාවක් ...

:       175       119

vernon Friday, 12 May 2017 09:22 AM

එතකොට ආරක්ෂක ලේකම්, ඇමතිවරු ද්විත්ව පුරවැසිබව අරන් ඉන්න කොට ඔය ගැටළුව තිබ්බේ නැද්ද?කවුද ඇමරිකාව එක්ක ආරක්ෂක ගිවිසුම් අත්සන් කෙරුවේ?එතකොට මේ සංවිධාන නිදිද?

:       46       70

ලුම්බිණි Friday, 12 May 2017 09:35 AM

මම හිතනවා මේක ආත්මාර්ථකාමී අදහසක්. ඔස්ට්‍රේලියාව වගේ රටක් ද්විත්ව පුරවැසි භාවය ඇති අය පත් නොකිරීමට වග බලා ගත්තොත් සියයට 80ක් රජයේ සේවයෙන් අස් කරන්න වෙනවා.

:       0       0

sarath Friday, 12 May 2017 11:39 AM

කවර කතාද? ද්විත්ව පුරවැසිකම අයෙත් දෙන්න පටන්ගත්තෙත් මේ ඊයේ පෙරේදනේ... එතකල් විදේශ පුරවැසිකම පමණක් තියාගෙනත් අධ්‍යක්ෂවරු විදියට පත්කරපු ද්විත්ව පුරවැසියොත් ඔය තවමත් ඉන්නේ...

:       0       17

aravinda Friday, 12 May 2017 11:44 AM

මේ අදහස ලංකාවේ දේශපාලනයට හොඳ අදහසක්....

:       115       14

Frankfurt-Germany Friday, 12 May 2017 12:11 PM

එහෙනම් මොකටද? ද්විත්ව පුරවැසිකම දෙන්නේ...නොදිම ඉන්න තියෙන්නේ...අනිත් අතට මෙවැනි අදහස් ඉදිරිපත් කරන අය දැනගතහොත් හොඳයි. ලංකාවේ වැඩිම ආදායම් මාර්ගය වන විදේශ විනිමය ගැනෙන්නේත් මෙම පුරවැසියන්ගෙන් කොටසකිනි.

:       2       163

chutte malli Friday, 12 May 2017 06:15 PM

ඔව්.මේ අදහස ලංකාවේ දේශපාලනයට හොඳ අදහසක්....

:       91       4

nalaka Friday, 12 May 2017 10:02 PM

ගීතා මහත්මියගේ නඩු තීන්දුවට මොකද වුණේ.... හරිනම් මන්ත්‍රීවරු වැඩිදෙනෙක් ඉවත් කරන්න ඕනේ. එ්ක කරන්නේ කව්ද? පැෆරල් එකද? මේ හින්දම වැඩක් කරන රාජ්‍ය සේවකයෝත් ලංකාවට නැති වේවි. පසුගිය යෝජනා සලකා බලන්න.. රටේ අවාසියට ගත්ත තීන්දු කීයක් ද්විත්ව පුරවැසි රාජ්‍ය සේවකයෝ අරගෙන තිබේද කියලා.... හරිනම් ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන එකයි, ද්විත්ව පුරවැසි නෑදෑයෝ සුදුසුකම් නැතුව ඉහළ තනතුරු දෙන එකයි නවත්තන්න....

:       0       73

Roshx Saturday, 13 May 2017 03:06 AM

ද්විත්ව පුරවැසි ඇති නැති බවට වඩා වැදගත් වෙන්නේ ලංකාවේ පුරවැසිකම ඇතිනම් ඔහුට මානව හිමිකමක් තියෙනවා රටට සේවය කිරීමට.... එම සේවය ලබාදීමේදී වැදගත් වෙන්නේ ඔහුට අදාළ සුදුසුකමක් සහ හැකියාවක් තිබේද යන වගයි. ඔව්.... සත්‍ය වශයෙන්ම මහබැංකු වංචනිකයන්ට දැඩි දඬුවම් දියයුතුමය! ද්විත්ව පුරවැසි බව නැතත් පසුගිය කාලේ අත්සන් කළ ගිවිසුම් වලින්ම පේනවා අදාළ තැන. උදාහරණයකට බලන්න 2002 සාම ගිවිසුම.... මොවුන් කියන විදිහට මහබැංකු ප්‍රශ්නේ නිසා අනෙකුත් මිනිස්සුන්ගේ මේ හිමිකම නැතිකිරීම අතීසාරෙට අමුඩේ ගැසීමක් සහ අනුවණ වැඩක්.... බොහෝමයක් පිටරට පුරවැසිකම ගන්න අවස්ථාව ලැබුන මිනිස්සු එක්කෝ අධ්‍යාපනය ලබන්න ගියපු කට්ටිය තමයි. කවුරු කෙසේවෙතත් අධ්‍යාපනයක් ලබල සුදුසුකමක් එක්ක ලංකාවට ඇවිත් එම දැනුම භාවිතාකරලා අපේ රටේ සංවර්ධනයට දායකවෙනවා නම් ද්විත්ව නෙමෙයි ත්‍රිත්ව තිබ්බත් කමක් නැත. අපි බැලියයුත්තේ හැකි පමණින් උගත් දක්ෂ අපේ පිටරට ඉන්න මිනිස්සු ලංකාවට ගෙනෙන්න පසුබිමක් හදන්න, සිංගප්පූරුව, ඊ ස්‍රායලය සහ ඉන්දියාව මෙයට කදිම නිදසුනක්...

:       1       17

prabash Saturday, 13 May 2017 06:25 AM

ඒ වගේම ඉහල තනතුරු තියෙන අය ගිවිසුම් අත්සන් කළාම අනාගතයේදී ද්විත්ව පුරවැසිකම ගැනීමට තියෙන අවස්ථාව ඉවත් කරන්නට ඕන... නැත්නම් එයාල ගිවිසුම් අත්සන් කරලා පස්සේ රටින් පිට වෙලා යාවි.... !!!

:       0       21

SHAN SAUDI Saturday, 13 May 2017 07:06 AM

මේක නම් ඉතාමත් හොඳ යෝජනාවක් ... එසේ ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයින් ප‍්‍රබල තනතුරුවලට නොගැනීමට වග බලා ගන්න. මොකද රටේ පාලන බලය හිමි රජයේ මැති ඇමති වරු හා මන්ත්‍රීවරු මෙන්ම අමාත්‍යංශ ලේකම්, සභාපති බැංකු වල අධිපති හා ඉහල නිලධාරීන් වැනි ඉහළ තනතුරු සදහා ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයින් පත් කිරීමෙන් ඔවුන්ගේ කාලය තුල රටට කළහැකි හැම දෙයක්ම කර බලය අහිමි වනවිට ඒ සමග රට හැරයනු ඇත.

:       11       3

gamini Saturday, 13 May 2017 02:50 PM

පසුගිය කාලයේ ඇමෙරිකානු පුරවැසියන් නෙවී රටේ වැදගත් තීන්දු ගත්තා නම් ඒවාට මොකද වෙන්නේ. ගීතා ඇන්ටිට පාර්ලිමේන්තුවේ ඉන්ඩ දෙමු. 15 මොනවා වෙයිද?

:       0       0

sathyayaa Sunday, 14 May 2017 01:06 AM

අනවශ්‍යය ප්‍රශ්නයක් අල්ලාගෙන කෑ ගහනවා. ප්‍රශ්නේ තියෙන්නේ ද්විත්ව පුරවැසි භාවය තුල නොවෙයි නැහැදිච්ච කම මතයි. එක රටක පුරවැසිකම තිබුනත් රටවල් දෙකක තිබුනත් හොරා හොරාම මයි. පුද්ගලයා කවුද කියල හොයල බලල පත් කරනවා නම් අර්ජුන මහේන්ද්රලා වැනි අය ඔය තනතුරට කිසිදාක පාත් වෙන්නේ නැහැ. කපටි දේශපාලකයෝ ලංකර ගන්නෙම කපටියෝ.

:       0       11

shan saudi Sunday, 14 May 2017 04:40 AM

ද්විත්ව පුරවැසිකම් ඇති තවත් මැති ඇමැති 6ක්‌ ගෙදර. ..ද්විත්ව පුරවැසි බව පිළිබඳව අධිකරණය ලබාදුන් තීන්දුව නිසා දෙමළ ජාතික සන්ධානයේ සහ රජයට සම්බන්ධ මැති ඇමැතිවරු හය දෙනෙකුගේ මන්ත්‍රී ධුර අහෝසි වනු ඇත. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු හතර දෙනෙක්‌ (4), එක්‌ කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ සහ රාජ්‍ය ඇමැතිවරයෙක්‌ එලෙස ද්විත්ව පුරවැසි බව හිමි අය අතර සිටින බව අනාවරණය වී තිබේ. මෙලෙස යම් මන්ත්‍රීවරයකුගේ එම ධුරය ද්විත්ව පුරවැසිකම නිසා අහිමිවීමේදී ඔහු හෝ ඇය නියෝජනය කරන දේශපාලන පක්‌ෂය අදාළ දිස්‌ත්‍රික්‌කයට ඉදිරිපත් කළ අපේක්‌ෂකයන් අතරින් තේරී පත් වූ මන්ත්‍රී ලයිස්‌තුව අහෝසි වන බවට රට තුළ මතයක්‌ පැවැතුණත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 19 වැනි සංශෝධනයට අනුව අදාළ ලයිස්‌තුව අහෝසි නොවන බව නීති විශාරදයෝ පවසති.. ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි වී ඇත..මේ අතර රජයේ ඇමැතිවරයෙකුට ස්‌විස්‌ පුරවැසි බව හිමිව ඇති බවයි.මෙලෙස ද්විත්ව පුරවැසි බව ලබා ඇතිරටවල ආගමන කාර්යාල වලින් තොරතුරු ලබාගත හැකි අතර ඒ ගැන රජයේ අවධානය යොමුව තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site