(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ද්වීතීයක වෙළඳ පොළේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් මෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාගෙන්ද ඉල්ලා සිටියත් ඔවුන් ඒ තොරතුරු ලබා දුන්නේ නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටි ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද(5) බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ විභාග කෙරිණි.
ප‍්‍ර. මෙම කොප් කමිටු වාර්තාවේ ඔබ සඳහන් කරලා තියෙනවා මෙතැන තියෙන්නේ මාමා සහ බෑණා පිළිබඳ ප‍්‍රශ්ණයක් නොවේ, මේ පුද්ගලයාට විශාල චෝදනා තියෙනවා කියලා?
පිලි. ඔව්.
ප‍්‍ර. ඒ බෑණා කවුද?
පිළි. අර්ජුන් ඇලෝසියස්.
මේ අවස්ථාවේදී පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාට චෝදනා තියෙන්නේ බැ`දුම්කර සම්බන්ධව නොවේ යැයි කීය.
ප‍්‍ර. එතකොට ඒ මාමා කවුද?
පිලි. අර්ජුන් මහෙන්ද්‍රන් මහතා.
ප‍්‍ර. 2015 පෙබරවාරී මස 27 වැනිදායින් පසු ඔබට ප‍්‍රාථමික ගැණුම්කරුවෙකු කතා කළාද?
පිළි. ‘කැපිටල්’ නමැති ප‍්‍රාථමික ගැණුම්කරු මට කතා කොට මෙම සිද්ධිය පිළිබ`දව කිව්වා.
ප‍්‍ර. ඒ කීයට විතරද?
පිලි. දහවල් කීයට විතරද?
පිලි. දහවල් 12.00 පසු.
ප‍්‍ර මෙම ප‍්‍රාථමික ගැණුම්කරුවෙකු කතා කළ පසු ඔබ මොකද කළේ?
පිලි. මා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට කතා කළා.
ප‍්‍ර. ඔහු ඔබට මොනවද කිව්වේ?
පිළි. අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කියපු දේවල් මට හරියටම මතක නැහැ. විවිධ මිනිසුක් විවිධ දේවල් කියනවා කියලා ඔහු කී බව මට මතකයි.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ද්විතීයික වෙළඳ පොළේ තොරතුරු දුන්නේ නෑ‘ - හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසමේදී කියයි