(උපාලි ආනන්ද)
දින 12ක් වයසැති තම දරුවා මග දමා ගියැයි අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක (22) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කළේය.
රාත‍්‍රි කාලයේ බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට භාජනය කර පලා යාමේ චෝදනාව සම්බන්ධයෙන් ඇය පොලොන්නරුවේදී සැකපිට අත් අඩංගුවට ගෙන තිබිණි.
මව සහ දරුවා සම්බන්ධයෙන් ඞී එන් ඒ පරික්ෂණ වාර්තාවක් කැඳවන ලෙසට දුන් නියෝගයක් කළ ඞී.එන්.ඒ පරික්ෂණයේදී දරුවාගේ මව අදාළ සරසවි සිසුවිය බවට සියයට සියයක්ම තහවුරු වී තිබේ.
එම දරුවා දැනට නිරෝගීව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රැකවරණ ලබමින් සිටී.
දරුවා ඔතා තිබූ සුදු රෙදි කැබැල්ලේ සුනඛයෙකුගේ අත් සහ කකුල් ඇති බවට සලකුණු දක්නට තිබී ඇති අතර එම සුනඛයා දරුවාට කිසිදු හානියක් නොකර තිබීම පිලිබදව පොලිසිය විමතියට පත්වූ බව අධිකරණයේදී කියැවිණි.
දරු ප‍්‍රසූතියක් අපේක්ෂාවෙන් පුලියන්කුලම ප‍්‍රදේශයේ කුලී නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුවියක මීට දින කිහිපයකට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දරුවකු ප‍්‍රසූත කර එම දරුවාද රැගෙන යළි කුලී නිවසට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.
ඇය එම ප‍්‍රදේශයේ තරුණයකු සමග පේ‍්‍රම සබඳතාවක් ඇති කර ගෙන ඇති අතර පසුව ගැබිණියක බවට පත්ව ඇති බවත් ඒ බව සිය මවට පියාට හෝ පවුලේ කිසිවකුට පවසා නැති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
ඇය දරුවකු ප‍්‍රසූත කළ බව දෙමවිපියන් දැනගත හොත් තමා මරා දමනු ඇතැයි බිය නිසා දරුවා මෙලෙස දමා පැන ගිය බව සැකකාර මව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.
ඇය අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ අවස්ථාවේ සිය කුසින් බිහි කළ දරුවා දෙස බැලීමට පවා ඇය දැඩි අකමැත්තක් පල කළ බවද පැවසේ.
ඇය කුලියට සිටි නිවසේ කාන්තාවට පවසා ඇත්තේ තම සැමියා ජපානයේ රැකියාවක් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
GMOA එක වෛද්‍ය සිසුන් පාරට අරන් ඒ අයගේ ඉගෙනීම නාස්ති කරන කොට මේවා වෙනවා.
මෙයා දොස්තර වුනාම දෙවියන්ගෙම පිහිටයි..තෙමනයක් නැති අය සේතර විභාග පාස් වෙන්න හොඳ නෑ..අද වෙලා තියෙන්නේ එයයි..නැත්නම් අර..උගන්නන වෛද්‍ය ගුරුවරයකුට හූ කියයිද..?
අනාගත දොස්තරවරියක් ...අපේ ලෙඩ්ඩුන්ට අබ සරණයි.
අනේ අපේ රටේ සරසවි සිසුන්ට ගිය කලක්. ඉතාම කණගාටුයි .
මේ මහින්ද මහත්තයාටත් දවල් හීන පෙනිලද? GMOA එකයි මේකයි අතරේ තියන සම්බන්ධය මොකක්ද ? මානුස්සයෝ, මේවා පාරට අරන් කෙරෙන වැඩ නෙමෙයිනේ? සිද්ධිය ගැන නම් බොහොම කණගාටුයි. අමනයෙකුට රැවටීම ගැන තරුණියට අනුකම්පා කරනවා. කොයි පැත්තෙනුත් අමාරුවේ වැටුනේ එයයි!
ජාතියේ පිරිහීම හා ගරා වැටීම.......මෙයා සයිටම් වෛද්‍ය පීඨයේ සිසුවියක්ද?
කරපු වැඩේ හරි නැහැ තමයි ඒත් හිතන්න කෙල්ලෙක් තනි වුනාම විඳින දුක. වැඩේට හවුල් වූ අමනයා ගැන කවුරුත් කතා නැහැ. අක්කලා නංගිලා ඉන්න කෙනෙක් හැටියට මම මධ්‍යස්ථව මේ දිහා බලන්නේ. එකම දේ දරුවාව පාරේ නොදා වෙන තැනක දෙන්න බැරිවුනේ ඇයි කියන එකයි.
අප ලාංකිකයන් හැටියට කණගාටු වියයුතු සිදුවීම් වලින් එකක් මෙය. අපගේම සහෝදරියකට හෝ අපගේ දුවෙකුට මෙවැනි සිදුවීමක් උනොතින් අපහට ඇතිවන්නේ මොනතරම් කණගාටුවක්ද ? මෙම දියණිය කාගේ හෝ දරුවෙක් , සහ පිරිමි ආත්මයක් ලබපු නිහිනයෙකුගේ අමන ක්‍රියාවක ප්‍රතිඵලය නිසා අද දින සමාජයේ කීදෙනෙකු දුක්විදිනවද ????වෛද්‍ය සිසුවියක් උන පමණින් ඇයට එසේ ගැරහීම අප අපගේ මුහුණුවලට කෙල ගැසීමක් වැනිය.
සරසවි ගියාට ප්‍රායෝගික බුද්ධිය නැති බවයි පේන්නේ. වෛද්‍ය සිසුවියක් ලු උපත් පාලන ක්‍රමයක් දැනගෙන හිටියේ නැති ද. අනෙක ළමයාව පාරේ නොදා කාට හරි හදාගන්න දෙන්න තරම් බුද්ධියක් තිබුනේ නැතිද. දැන් රටම දැනගෙන හිරෙත් යන්න වුනා. මේ වගේ දේවල්වලට රටේ මොනවා හරි ක්‍රමයක් තිබිය යුතුයි. දරුවෙක් ගැනියෙකුට නිකන් හම්බවෙන්නේ නැහැ. ඇයි පියාව අධිකරණයට ගේන්නේ නැත්තේ. පියාටත් දඩුවම් දෙකක් කළ යුතුයි. කෙල්ලව රැවටුවාට හා ළමයෙකු බඩට දමා පැනයෑම ගැන
රෝහණ, පුවතේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක් කියලා.
තමන්ගේ දරුවාට කරුණාවක් නැති කෙනෙක් දොස්තරකමට සුදුසුද? ආරක්ෂා සහිතව දරුවාව යම් කිසි ආයතනයකට හෝ දරැවන් නැති කාරුණික යුවලකට දෙන්න තිබුනා. ඔක්කොම පැත්තකින් තියමු. තමුන්ට දරුවෙකු අවශ්‍යද නැද්ද කියලා මුලින් හිතන්න වත් මානසික මට්ටමක් නොතිබුන කෙනාට ලෙඩ්ඩුන්ගේ වගකීම භාර දෙන්නේ කොහොමද ?
මේවාට 50% වග කියන්න ඕන සංස්කෘතිකවාදියෝ.... ගැනියෙක් අසරණවන ඕනෑම අවස්ථාවක පාච්චල් කරන සංස්කෘතික වාදීන් ඇතැම්විට තරුණ වයසට කරගන්න දේවල් දෙස මානුශිකව නොබලා කොන් කරන සමාජය. වෙන රටවලත් ඔහොමද?
කවුරුවත් මේ දරුවගේ මානසික තත්ත්වය ගැන හිතනවාද? මේ සිදුවීම වෛද්‍ය ශිශ්‍යාවක් නිසා විශේෂ උනේ කෙසේද? අවුරුදු 22 යවනු අපේ අධ්‍යාපන ක්‍රමය අනුව නොතේරෙන වයසක් නේද? මැයත් නරුමයෙක්ට රුවටෙන්න ඇති... මේ තරුණ දරැවා කුස ඇතුළේදී නැති කර ගත්තේ නෑ නේද?... මේ ගැන කිසිවක් නොසිතා GMOA එකටයි වෛද්‍යවරුන්ටයි බනින එක පහත් ක්‍රියාවක්.... දැන් අපේ රටේ කුහකයන් කරන්නේ වෛද්‍යවරයා යන වචනය දුටු පමණින් අපහාස කරන්නයි...
පියෙක් නැති ව ගැබ නැති කරගන්න බැරිව ඔය ගෑනු ළමය කොච්චර විඳවන්න ඇතිද. අපේ දුව හරි සහෝදරියකට එහෙම වුනානම් .
කණගාටුදායකයි. දැන් වත් අනවශ්‍ය ගැබ් ගැනීම් නැති කරන එක නීත්‍යානු කූල කරන්න දොස්තරලා ගෙන් වත් සහයෝගයක් ලැබේවි කියල හිතනවා.
දැන් විශ්වවිද්‍යාල වලින් එළියට එන්නේ ඇතුලට යනකොට තිබුණ දැනුමත් නැතිකරගෙනද?
අනේද? කියන්නෙ... වෛද්‍ය සිසුවියක් වෙලත් දන්නෙ නැද්ද පරෙස්සම් වෙන්න.
කවුරු කවුරුත් මේ ප්‍රශ්නය දිහා බලන හැටි හරිද මන්දා? මෙවැනි සිද්ධීන් වළකාගන්න හැටි හිතන්න. යෝජනා කරන්න.
රටේ පාපය ඉහවහා ගිහින්, ආගම්වල පුජකයෝ මොනවාද කරන්නේ?
හරි දැන් එතකොට වෛද්‍ය සිසුවියක් අනවශ්‍ය ගැබ් ගැනීම් නමැති සිදුවීම් ගැන දන්නේ නැති නම් සෙසු කාන්තාවන් ගැන කුමන කතාද ?
අද කාලයේ දෙමව්පියන් ළමයින්ව අධ්‍යාපන රේස් එකේ දුවවනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. ප්‍රායෝගිකව ජිවත් වෙන්නේ කොහොමද කියා දන්නේ තරුණ ජනගහනයෙන් අතලොස්සයි. එක්කෝ දිවි නසා ගන්නවා. නැතිනම් ආදරය කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා. එහෙමත් නැතිනම් මානසික ආතතිය හදා ගන්නවා. අපි පාසල් ගිය අසුව දශකයේ ජිවත් වුන අපි වෙච්ච දේවල් වල හැටියට මෙලහකට කොල්ලන් ඔක්කොම දිවි නසා ගෙන කෙල්ලන් ඔක්කොම අමාරුවේ වැටිලා තියෙන්න ඕන. ඒ කාලය රටේ කොච්චර ප්‍රශ්න තිබුන කාලයක්ද ? එත් අපිව අපේ වැඩිහිටියන් ඇහැ ගහගෙන හරි මග යැව්වා. යමක් වුනාම අනෙක් පාර්ශවයට විතරක් බැනලා වැඩක් නැහැ. අත්පොලසන් දෙන්න අත් දෙකක් ඕනනේද ?
පව් අසරණ දරු පැටියා.
මමත් දුවෙක් ඉන්න තාත්ත කෙනෙක් විදිහට මේ පිළිබඳව හරිම කණගාටුවක් දැනෙනවා. ඒ දියණිය කරල තියෙන්නේ ඉතාම කණගාටු දායක වැරදි වැඩක් තමයි. ඒත් ඉතින් මෙවැනි දේවල් වලදී සම්පූර්ණ වරද කාන්තාවට විතරක් පවරන්න තමයි අපි පුරුදුවෙලා තියෙන්නේ. අපි සම්පූර්ණයෙන්ම අමතක කරනවා මෙයට සම්බන්ද පිරිමි පුද්ගලයාව. නීතිය කරවන අය ඉතාම නිවැරදිව කටයුතු කරනවානම් අදාළ පුද්ගලයාවත් නීතිය හමුවට ගෙන ආ යුතුයි. තරුණ දියණියක විනාශ කිරීම සම්බන්දයෙන්. අනෙක තරුණ දූවරු ඉතාම කල්පනාවෙන් කටයුතු කර මෙවැනි පාපතර පුද්ගලයන්ගෙන් පරිස්සම් විය යුතුයි. චාටු බස් වලට,පෙනුමට,මුදලට,සමාජ තත්වයට රැවටෙන්න එපා. ඉතාම ගුණවත් මහත්වරුන් අතර පාපතරයන්ද බොහෝ ඉන්නවා. ඔබලාට පරිස්සම් කරගතයුතුම ආත්මයක් සොබාදහමින්ම දීල තියෙන්නේ එය පරිස්සම් කරගෙන මුළු ලෝකයම ලස්සන කරන්නට.
මේ දුවට පිහිට වෙන්න. සංස්කෘතිය රැකීමට වඩා මිනිස්කම උතුම් බව පහදා දෙන්න. දරුවෙක් අනවශ්‍යනම් නීතිය අනුව වෙන කෙනෙකු හට දෙන්න. සැමට ජය.
මෙය පල නොකර ඉන්න තිබුනේ. දැන් එම ගැහැණු ළමයා සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? පොලිසියට යන හැම කේස් එකම පත්තරේ නොදැමිය යුතුයි නේද?
සයිිටම් විරෝධි ගිනිගත් රාත්‍රිය (රාත්‍රී විරෝධතා) නිසා වෙෙද්‍ය ශිෂ්‍යාවන් ගැබ්ගන්නා බව ලියමි.. පළමුව තමන්ගෙ මට්ටමින් අනික් අයවත් මනින්න එපා වෙෙද්‍ය ශිෂ්‍යයන්ට දවසේ ඕනම වේලාවක ෆැකල්ටිය තුළ සහ study area වල ඉන්න පුළුවන් ඔය හිතන තරම් ලිංගික අසහනයක් අපිට නෑ ගිනිගත් රාත්‍රියක් එනකං බලන් ඉන්න තරම් දෙවනුව සයිටම් විරෝධී ගිනිගත්රාත්‍රිය පැවැත්වෙන්නේ පසුගිය අගෝස්තු 30. අද ඔක්තෝබර් 6. ඇය දරුවා ප්‍රසූත.කරන්නේ සැප්තැම්බර් 24. . ඇය ගැබ්ගෙන දින 24කින් දරුවෙක් ප්‍රසූත කරනවා එහෙම බැලුවොත් ඒක තේරෙන්න නැති එවුන් නම් සයිටම් එකටත් හොද වැඩි.. තෙවනුව මම දන්න තරමින් ඒ සිද්ධිය අනධ්‍යයන කාර්ය මන්ඩලයේ කෙනෙක්ට සිදුවුන.දෙයක් මිසක් වෙෙද්‍ය ශිෂ්‍යාවකට සිදුවුනු දෙයක් නෙවෙයි...
'ප්‍රදේශයේ තරුණයෙක්' වෙනුවට ඔහුගේ වයස රස්සාව පදිංචි ස්ථානය ආදියත් පත්තරේ දාන්න ඕනෑ. මොකද දරුවාගේ අම්මගේ විස්තරේ විතරක් රටට කියන එක සාධාරණ නැහැ.
ගැහැණියට දරුවා පාරේ දාල යන්න සලස්වපු පිරිමිය කව්ද? වගකීමක් ගන්න බැරි නම් එයාගේ පිරිමිකම ප්‍රශ්ණයක්...
දැන්නම්, වෛද්‍ය වෘත්තිය පටං ගැන්මේ සිටම අන්තිමටම සවුත්තු වෙලා. දොස්තරලා බොහොම නරක ආදර්ශ දෙන නපුරු කුහක ආත්මර්ථකාමී ජාතියක් වෙලා..............
මැය වෛද්‍ය සිසුවියක් නොවේ. දන්ත වෛද්‍ය පිඨයට ඇතුළුවීමට අපේක්ෂාවෙන් සිටින්නියකි.
විවිධ වෙනත් ආකාරයේ ආරංචි පැතිරෙනවා මේ සිද්ධිය සම්බන්ධව දැන්. මොකක්ද ඇත්ත කියලා හිතාගන්න බෑ.
කෙල්ලෙක් වුණාම හිතන්න ඕනේ කොල්ලා තමුන්ට ඇත්තටම ආදරේ නම් කවදාවත් ලිහන්න තියන මල්ල ඔබලා බලන්නේ නැහැ කියලා... ඔය වගේ තැනකට දරුවෙක් ගේන්න දෙමාපියෝ ගොඩාක් දුක් මහන්සි වෙන්න ඇති... දැන් ඉතින් වුණ දේ වුණා. කරන්න තියන එකම දේ අර නරුමයව හොයලා දඬුවම් දෙන එකයි. ඔය වගේ අය සමාජයට පිළිකාවක්.
අසරණ දෙමාපියන් මොන තරම් බලා පොරොත්තු අැතිවද ළමයින්ට උගන්නනේ? මේ ළමයා මෙච්චර මෝඩ ළමයෙක්ද? අද තාක්ෂණය කොච්චර දියුණුද? පොඩ්ඩක් හිතන්න තිබුණා නේද? අනෙත් ළමයින්ට හොඳ පාඩම්... ස්තුතියි.