IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


දරුවා දමාගිය වෛද්‍ය සිසුවියට ජූලි 7 දා යළි උසාවි එන්න'යි නියෝග


 
(උපාලි ආනන්ද)

 
තම කුසින් ප‍්‍රසූත කළ දින 12 ක් වයසැති පිරිමි දරුවෙකු රාත‍්‍රී කාලයේ තනිකර බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සිසුවියට එරෙහි පවරා ඇති නඩුවට අවැසි නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා  නියෝග කළේය. 

නඩුව ජූලි 7 වැනි දා යළි කැදවීමට නියෝග කළ  මහේස්ත‍්‍රාත්වරයා සැකකාර වෛද්‍ය සිසුවියට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කැරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටින පොලොන්නරුව මැදිරිගිරියේ  දික්ගල්පුර  පදිංචිකාරියක වන 22 හැවිරිදි වෛද්‍ය සිසුවියකි. 

දරුවා ප‍්‍රසූත කළ මව සහ දරුවා සම්බන්ධයෙන්  ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාවක් කැදවන ලෙසට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට මීට පෙර නියෝග කෙරුණු අතර එම නියෝගයට අනුව සැකකාර මව සහ දරුවා හෙදියක ද සමඟ පොලිස් ආරක්ෂාව යටතේ කොළඔ බොරැල්ල ජින්ටෙක් ආයතනයට රැගෙන ගොස් ඩීඑන්ඒ වාර්තාවක් ලබා ගැනිණි. 
 
 



අදහස් (0)

දරුවා දමාගිය වෛද්‍ය සිසුවියට ජූලි 7 දා යළි උසාවි එන්න'යි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 41 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site