IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දරුවන් දෙදෙනා මැරීමට තැත් කළැයි මවක් අත්අඩංගුවට

 (බන්දු තඹවිට)
 
තම කුඩා දරුවන් දෙදෙනාගේ ගෙලට ලණුවක් දමා ගෙළ සිරකර මරා දැමීමට තැත් කළ මවක් අගලවත්ත පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත, පොලේගොඩ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.

සැකකාර  කාන්තාව පළමු විවාහයෙන් වෙන්වී සිටින අතර එම විවාහයෙන් ඇයට අවුරුදු 20 ක පමණ පුතෙකු සිටින අතර ඉන්පසුව ඇය වෙනත් විවාහයක් කරගෙන ඇති අතර එම විවාහයෙන් වයස 10 සහ 7 පුතුන් දෙදෙනෙකු  සිටී.

එම සැමියා විදේශ රැකියාවක නිරතව සිටින  අතර ඒ අතරතුර මෙම කාන්තාව තම පළමු විවාහයේ පුතාගේ මිතුරෙකු තම නිවසේ රඳවාගෙන අනියම් සම්බන්දයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී  ඇතැයි පොලීසිය පවසයි.
 
ඇයගේ මෙම ක්‍රියාවන් වලට බාදා වීම නිසා කුඩා දරුවන් දෙදෙනාට මෙම කාන්තාව විසින් ඉතා කෘර ලෙස වද හිංසා පමුණුවා ඇති අතර වයස 10 සහ 7 කුඩා දරුවන් දෙදෙනාට වේවැලකින් සහ බඳ පටියකින් පහර දී නිවසේ පිටුපසට ඇදගෙන ගොස් දරුවන් දෙදෙනාගේ ගෙලට ලණුවක් දමා ගෙල සිර කිරීමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේ එතැනට පැමිණි මෙම කාන්තාවගේ අනියම් පුරුෂයා  යැයි කියන පුද්ගලයා කාන්තාව පසෙකට තල්ලුකර දමා දරුවන් දෙදෙනා බේරාගෙන ඇත. අනියම් පුරුෂයා  යැයි කියන පුද්ගලයා විසින් මේ සම්බන්ධව පොලීසිය පැමිණිලි කර තිබේ.
 
ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ අගලවත්ත පොලිසියේ නිලධාරීන් විසින් පිඹුර ප්‍රදේශයේ බස් නැවතුම් පොළක අඩමින් සිටි වැඩිමල් ළමයා සොයාගෙන ඇත.ඔහුගෙන් කරුණු විමසීමේදී තම මව විසින් තමාට සහ මල්ලීට ඉතාම කෘර ලෙස වේවැල් ,බඳ පටි ඇතුළු අතට අසුවන සෑමදේකින්ම පහර දෙන බවත් පෙරදින රාත්‍රියේ තමාගේ සහ මල්ලීගේ බෙල්ලට ලණුවක් දමා ගෙල සිරකර මරා දැමීමට තැත් කළ බවත් ,එදින අලුයම ගිරිකොල ප්‍රදේශයට මල්ලීවත් තමාවත් රැගෙන ගියේ මරා දැමීමට දැයි සැක සිතු නිසා මවගේ අතට ගසා පැන ගිය බවත් වැඩි දුරටත් පවසා ඇත.
 
වධ  හිංසා වලට ලක්වූ දරුවන් දෙදෙනා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමටත්, සැකකාර මව අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතය.



අදහස් (7)

දරුවන් දෙදෙනා මැරීමට තැත් කළැයි මවක් අත්අඩංගුවට

sumith Wednesday, 06 November 2019 06:39 AM

පව්කාර අම්ම කෙනෙක් නේ , තිරිසන් සත්තු උන්ගේ පැටියට මොන තරම් ආදරේද.

:       0       24

චතුරංග Wednesday, 06 November 2019 06:56 AM

මිනිස් වෙසින් ඉන්න තිරිසනුන්

:       0       4

KANDEPOLA Wednesday, 06 November 2019 07:30 AM

බලන්න අපේ හැදියාව. සකල සිරින් පිරි සිරි ලංකාවේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය. තව මොනවද ?

:       1       36

Pradeep Wednesday, 06 November 2019 08:11 AM

ඇග හිරි වැටෙනවා මේ කතා අහනකොට..

:       0       7

සේන Wednesday, 06 November 2019 08:48 AM

නොසන්සිඳෙන රාග ගින්නෙන් තැවෙන කතක්. දරු පැටව් දෙදෙනා පරිවාස භාරයට ගනීවියැයි මම සිතමි. නැවත එම මවට දුන්හොත් දරුන්ට අනතුරක් සිදුවේවි. අයථා ලිංගික ඇසුරක බැඳී පව් කර ගත්තද ඒ පිරිමියාට අපි ස්තුති වන්ත වෙමු. ඔහු උතුම් කාර්යයක් කර ඇත.

:       0       2

Kumara Wednesday, 06 November 2019 08:55 AM

මේ ධර්මය වනාන්තර ගතවීගෙනයන කාලයයි .සංසාරය කෙතරම් බියකරුද ?

:       0       1

priyantha Wednesday, 06 November 2019 09:18 AM

මරණ දඬුවම ගේන්න ඔක්කොම හරියනවා..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site