( හේමලතා ඞී හේවගේ)
අලව්ව - හුම්බුඑව ප‍්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සදහා ගම්පොල දොඑව ප‍්‍රදේශයේ සිට පැමිණි කට්ටඩියකු එම නිවෙසේ 15 හැවිරිදි පාසල් දැරියක ත‍්‍රීරෝද රථයක් තුළදී අපයෝජනය කිරීමට සූදානම්වන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අලව්ව පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු සහ ඔහුගේ සහයකයා එම නිවසේ රාත‍්‍රීයේ පවත්වනු ලැබූ ශාන්තිකර්මයට අවශ්‍ය හඳුන්කූරූ රැගෙන ඒමට වෙළඳසැලකට යන මුවාවෙන් එම දැරිය සහ සිව් හැවිරිදි දරුවකු ත‍්‍රීරෝද රථයකින් රැගෙන ගොස් තිබේ.
අලව්ව - ගිරිඋල්ල මාර්ගයේ මල්ලැහැව ප‍්‍රදේශයේ ලඳු කැලෑවක් අසල අතුරු මාර්ගයකට ඔවුන් රැගෙන ගොස් සිටි බව පොලීසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.