(ඩී.ජී.සුගතපාල)
පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කර අපයෝජනයට ලක් කර පසුව ව්‍යාජ වයස් සහතිකයක් ඉදිරිපත් කර විවාහවී ඇති බව කියන සැකකරුවෙකු සහ එම අපරාධයට පහසුකම් සපයා ආධාර අනුබල දී ඇති සැකකරුගේ මවද අත් අඩංගුවට ගත් බව අක්මීමණ පොලිසිය පවසයි.
වලහන්දුව ප්‍රදේශයේ පදිංචි සිසුවිය පසුගිය ඔක්තෝබර් මාසයේ 11වැනි දින සැකකරු සමග ඔහුගේ නිවසට ගොස් පසුව බණ්ඩාරවෙල ප්‍රදේශයට ගොස් ටික දිනක් සිට යළ නිවසට පැමිණ තල්පෙපත්තුවේ විවාහ රෙජිස්ටාර්වරයකු ළඟට ගොස් ව්‍යාජ වයස් සහතිකයක් ඉදිරිපත් කර විවාහවී ඇති බවත් පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති සැකකරු විසි හැවිරිදි වියේ පසුවන තරුණයෙකු වන අතර අත් අඩංගුවට ගෙන ඇති ඔහුගේ මව තිස් නමවන වියේ පසුවන කාන්තාවකි.
අක්මීමණ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක වික්‍රමතන්ති ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිශාන්ති කාන්තා සැරයන් නයනා(5930) යන මහත්ම මහත්මීන් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
සැකකරු හා සැකකාරිය අද (17)ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සත්‍ය තත්ත්වය මෙයට වෙනස් විය හැකිය. ඇතැම් තරුණ වියේ දරුවන් සම්බන්ධතා ඇතිකර ගත් විට ඒවා වැළැක්වීමට දෙමාපියන් හැකිතාක් උත්සහ කර බැරිම තැන (ජීවිත නැති කර ගනී යැයි බිය නිසා) ඔවුන්ට විවාහා වීමට අවසර දෙන අවස්ථා බොහෝ දැක ඇත. මෙය ද එවැන්නක් විය හැකිය. මෙහි ඇති බලවත්ම අසාධාරණය නම් (දරුවාගේ ජීවිතය ගැන සිතා) සියළු දෙනාගේම කැමැත්තෙන් විවාහය සිදු වූවත්, නීතියට අනුව දඩුවම් ලබා දීමත්, රටේ එක් ජන කොටසකට පමණක් (ඉස්ලාම්) එම නීතිය වලංගු නොවීමත්ය. එනම් මෙවැනි කාරණා වල දී නීතිය මෙන්ම මානුසිකත්වය පළිබඳව ද සැලකිල්ල යොමු කිරීම යෝග්‍ය වේ. .
මුස්ලිම් නීතිය අනුව වයස 12 ගැහැණු ළමයෙක්ට විවාහ වෙන්න පුළුවන්. සාමාන්‍යය නීතිය අනුව එය ස්ත්‍රී දුෂණයක් වෙනවා. මේ කියන කරුණු අනුව මේ නීතීය 16 සහ 18 අතර විය යුතුයි. ඒ අනුව එකම රටේ තරුණයන්ට දෙවිදියකට සැළකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක්. එක්කෝ සියලුම දෙනාගේ විවාහ වන වයස 18 කරන්නෙ. නැත්නම් මේ සිංහල ජනයාට බලපාන දැඩි නීතිමය තත්වය ලිහිල් කිරීමට පාර්ලිමේන්තු පනතක් ගෙන්න. මේ සිද්ධිය අනුව දීර්ඝ කාලයක් නඩු විභාග වෙලා මේ පවුල් ජීවිතය අවසන් විය හැකිය.
රාජිතගේ බාල පුතා කරෙත් ඕකමයි. හැබැයි කවුරුත් අත්අඩංගුවට ගියේ නැහැ.
මේ පොලිසියේ විහිලු වැඩ . නීති වෙනස් විය යුතුයි. කෙල්ලෝ කොල්ලෝ යාලු වෙන එක පොලිසියට නැවත වීමට බලය තිබීම යුක්ති සහගත නොවේ . නව යෝවුන් තරුණ තරුණියන් යාලු විම හෝ ලිංගිකව කැමත්තෙන් හැසිරීම හෝමෝන ක්‍රියාකාරිත්වයේ ඇතිවන වෙනස මත සිදුවන්නක්.