(තලාව උපුල් හේරත්)
අනුරාධපුර සුචරිතගමට පෙරේදා (14) පැමිණි විශාල උකුස්සකු කුඩා දරුවන් සිවුදෙනකු පැහැර ගැනීමට දැරූ උත්සාහයේදී තුවාල ලැබූ දරුවකුට රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර ගම්වාසීන් එක්වී අල්ලාගත් උකුස්සා අනුරාධපුර වනජීවී කාර්යාලයට බරදී ඇත.
මෙම සිද්ධියෙන් තුවාල ලැබුවේ සුචරිතගම පදිංචි ඒ. දෙව්මිනි අමායා චන්ද්‍රසේකර නමැති හත් හැවිරිදි දැරියකි. ඇය සුළු තුවාල ලබා අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.
අඩි දෙක හමාරක් පමණ උසැති තටු විහිදූ විට අඩි පහක් පමණ දිගින් යුත් හොඳින් වැඩුණු මෙම උකුස්සා පෙරේදා (13) අනුරාධපුර සුචරිතගමට පැමිණ ඇත. එම ග්‍රාමයේ උස ගස්වල රැඳී සිටි මෙම උකුස්සා නිවාස අසලට පැමිණ දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරද්දී ගම්වාසීන් මහත් කලබලයට පත්වී ඇත.
ඒ පිළිබඳව අදහස් දැක්වූ සුචරිතගම පදිංචි අශෝකා මාලනී (60) මහත්මිය මෙසේ පැවසුවාය.
මගේ නිවස අසල පදිංචි චාන්දනී නංගීත් එයාගේ අවුරුද්දක් පමණ වයසැති දරුවාත් පෙරේදා සවස නිවස ඉදිරියේ සිටියා. ඒ අසලට පැමිණි මේ උකුස්සා කුඩා දරුවා රැගෙන යාමට උත්සාහ කළා. ඒ වෙලාවේ චාන්දනී දරුවා රැගෙන නිවසේ කාමරයට දිව ගියා. උකුස්සා ඒ අසල තිබුණු බෝනික්කෙකු රැගෙන ගහකට පියඹා ගියා.
ඉන් පසු අද උදේ මේ උකුස්සා පාසල් යන දරුවකු පසුපස පන්නාගෙන යද්දී මෙය දුටු ගමේ කාන්තාවක් ඌට ඉදල්වලින් පහර දුන්නා. ඉන් බේරුණු කුරුල්ලා වහලයක් උඩට නැග්ගා. ඒ අසල සිටි අමායා දැරිය රැගෙන යාමටද උත්සාහ කළා. අපි බොහොම අමාරුවෙන් ඒ දරුවා බේරාගත්තා. අපේ ගමේ ඉන්න තරුණයන් දෙතුන් දෙනෙකු එක්වී කුරුල්ලා අල්ලාගන්න උත්සාහ කළා. පැයකට ආසන්න කාලයක් දැරූ උත්සාහයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න බැරිවුණා. ඊට පස්සේ කඩෙන් මස් කෑල්ලක් ගෙනත් ඌට කන්න දී රෙදි කැබැල්ලක් උගේ ඇඟට දමා ඌ අල්ලාගෙන තොටිල්ලකට දැම්මා. පසුව වන ජීවී නිලධාරීන්ට බාරදුන්නා.
මේ සිද්ධිය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී උපාලි ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙම පක්ෂියා (Orieutal Hunny Bu‘art) නමැති විද්‍යාත්මක නමින් හඳුන්වන සිළු බඹර උකුස්සකු බවය. මෙම උකුස්සන් හාවුන්, කුකුළන් වැනි සතුන් දඩයම් කරමින් ජීවත් වන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විද්‍යාත්මක නම හරිද?
කිලිනොච්චියේ සහ අනුරාධපුරේ වෙනස මේකෙන් පේනවා!
උදේනි කතා වස්තුවේ තියෙනවා , පරන්තන රජතුමාගේ ගැබ්බර බිසව හස්තිලිංග පක්ෂියෙක් උස්සගෙන ගියා කියලා, අන්තිමට ඒ බිසව තමා තාපසයාගේ සීලේ බිඳලා , තාපසය වසගෙට ගන්නේ , පුතාට තාපසය දන්නා හස්තිකාන්ත මන්තරය දෙනවා. සාමාවතී බිසව උදේනි රජාගේ එක බිසවක්, කොහොම හරි පොඩි උකුස්සෙකුට ළමයෙක් උස්සගෙන යන්න පුලුවන්ද කියලා මටනම් ප්‍රස්ණයක්.
කුරුල්ලාට කරදරයක් නොකර අල්ලා ගත් එක ලොකු දෙයක්. තිරිසන් සතුන්ට හොද නරක තේරෙන්නේ නෑනේ..
මෙය අතිශයින්ම භයානක පූර්වාදර්ශයකි. මෙවැනි සතුන් දුටු තැන විනාශ කල යුතුය. මුන් කැලයට ගොස් දැමුවද පියාඹාගන නැවත පැමිණිය හැක. අපගේ වෘක්ෂලතා හා සත්ව ආඥා පනත කාලීනව වෙනස් කළ යුතුය එසේ කල නොහැකිනම් ලංකාව අලින්ට,කොටින්ට,කිඹුලන්ට,දිවියන්ට හා නාගරීක ප්‍රදේශ අයාලේ යන බල්ලන්ට,හරකුන්ට භාරදී පුරවැසියන්ව ආපසු ඉන්දියාවේ-බංගලි දේශයේ ලාට රටට ආපසු යැවියයුතුය. මෙරටට ගිය කල!!
වන ජීවී නිලධාරීන් නිදිද?
බමුණුආරච්චි පටාචාරා කථාවඅහල නැද්ද. එහිදිත් ළදරුවෙකු ගෙනගියේ උකුසසෙක්. එහෙම දෙයක් ලංකාවේ වෙලා නැතත් වෙන්න බැරිද.?
මෙය ඉතා භයානක ආරංචියක්.. මේ සතාව සත්වෝද්‍යානයට බාරදෙන්න. මොනම හේතුවකටවත් ආයේ යවන්න එපා. පොඩි ළමයෙක් අඩි 4ක්, 5ක් ගිහින් අත්ඇරියත් ඉවරයි.
ලක්ෂ්මන් මේ උකුස්සව මිනිසුන් අල්ලලා වනජීවියට බාර දුන්න බවත් ඇල්ලු පසු සතාගේ චායාරූපයකුත් පත්‍රයක පලවී තිබුනා එය දුටුවේ නැද්ද?
මොවුන් විනාශ කිරීමට නීතියෙන් බාධාවක් ඇති නම් නීති වෙනස් කලයුතුයි.
උස්සන් යයි කියලා බයටද? අනේද කියන්නේ.