(අනීෂා මානගේ)
අවුරුදු අටක් වයසැති දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ 57 හැවිරිදි පුද්ගලයෙක් බෙලිඅත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
බෙලිඅත්ත, ගැටමාන්න,බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලයේ විමර්ෂණ නිළධාරිවරයෙකු සේවය කරන්නෙකි. අපයෝජනයට ලක් වු දැරියගේ මව විසින් පොලීසියට සිදු කළ පැමිණිල්ලකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැරියගේ ඥාතියකු වන බවද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මෙහම කරන මිනිස්සුන්ට ලිංගය කපලා දාන්න ඕන ජීවිත කළෙම මතක් වෙන්න කරපු වරද... පොඩි දරුවෙක්ට නිදගසේ ජීවත් වෙන්න නැහැ.
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන්නද ඒ අමාරුව කියලා කතාවක් තියනවනේ. ඒවගේ තමයි අද ලංකාවේ නීතිය රකින්න ඉන්න නිළධාරින් අද ප්‍රසිද්ධියේ නීතිය කඩනවා. මානව හිමිකම් රකින්න ඉන්න නිළධාරින් මානව හිමිකම් කඩනවා. මේ සේරටම හේතුව දේශපාලඥයන් තමන්ගේ ගැත්තන්ව රජයේ තනතුරු වලට බදවා ගැනීමයී.
ගණිකා වෘර්තිය නීතිගත කරන්න. එහෙම කරොත් මේ වගේ දේවල් ගොඩක් දුරට අඩුවෙනවා.
ඔහුගේ මානව අයිතිවාසිකම් වලට බාධා කරන්න හොඳ නැහැනේද?