(ටෝනි කරුණානායක)
අවුරුදු 18කට අඩු දැරියකට කෘෘර ලෙස වධ හිංසා පැමිණුවැයි තිදරු මවකට (42) බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (04) නියෝග කළේය.
දැරියට රුපියල් 50000ක වන්දියක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේනම් තවත් මාස තුනක සිර දඬුවමක් ද නියම කරන ලෙසත් නියෝග කෙරිණ.
එම දැරිය පාසල් යවන බවට රවටා 1999 සැප්තැම්බර් 03 සිට ඔක්තෝබර් 23 දක්වා කාලය තුළ නිට්ටඹුව රංපොකුණගම ප්‍රදේශයෙ නිවසකට රැගෙන විත් මෙහෙකාර සේවයේ යොදවමින් ඕනෑකමින් අඩත්තේට්ටම් සහ හිංසන කළැයි නීතිපතිවරයා විසින් නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
COMMENTS
දැන් ඒ දැරිය කසාද බැඳලා, දරු මල්ලෝ එහෙමත් ඇති මගෙ හිතේ... 1999 දී වුණු සිද්ධියක් නේ... ලංකාවේ නඩු තමයි නඩු. තීන්දුව දෙනකොට වසර 20කටත් කිට්ටුයි.