IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දැරියකට කෲර ලෙස සැලකීම ගැන විමර්ශන දෙකක්

(බිඟුන් මේනක ගමගේ) 

කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක දැරියක කෲර සහ අවමන්සහගත සැලකිල්ලට භාජනය කෙරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙන වෙනම විමර්ශන දෙකක් ආරම්භ කර ඇත.

අදාළ දැරිය මේ වනවිට පස් වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නේ යැයි ද විදුහලේ ගුරුවරියන් කීප දෙනෙකු විසින් ඇය පංති කාමරයේදී මෙසේ කෲර සහ අවමන් සහගත සැලකිල්ලට භාජනය කර ඇතැයි ද දැරියගේ මව විසින් කරන ලද පැමිණිලිවල සඳහන් වේ.

එම දැරිය මේ වනවිට පාසලේ අධ්‍යාපන කටයුතුවලට යොමු කළ නොහැකි තරමට මානසිකව පීඩාවට ලක්ව ඇතැයි ද එනිසා ඇය මාස දෙකකට අධික කාලයක් තිස්සේ පාසල් යාම නතර කර ඇතැයි ද එම පැමිණිල්ල මගින් දැරියගේ මව පවසයි. 

තමා ද  එම විදුහලේ ගුරුවරියක හැටියට කටයුතු කළේ යැයි ද මෙසේ තම දියණියට නොමනා අයුරින් සලකන්නේ තමාගෙන් පලිගැනීමේ උපක්‍රමයක් හැටියට යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

දැරිය මානසික අපයෝජනයට හා නොලකාහැරීමට ලක්ව ඇතිදැයි මූලිකව සොයාබැලීමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් සිදුවන්නේ යැයි ද ඒ සඳහා විමර්ශන කණ්ඩායමක් අදාළ පාසලට පිටත් කෙරෙන්නේ යැයි ද එහි නිලධාරියෙක් පැවසීය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලිවලින් වැඩිම සංඛ්‍යාවක් ලැබෙන්නේ කෲරසහගත සැලකීම් සම්බන්ධයෙන් යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

දැරියකට කෲර ලෙස සැලකීම ගැන විමර්ශන දෙකක්

ජයන්ත Tuesday, 18 September 2018 03:41 PM

විමර්ෂණ කෙරෙනවානම් හොඳයි. නමුත් මානව හිමිකම් කොමිසම නම් කරන්නේ ලකුණු දාගන්න කරන විමර්ෂණ විතරයි. මතකනේ පසුගිය කාලයේ නුවර ඇතිවුනු කලබල ගැන විමර්ෂණයක් කරලා ලකුණු දාගන්න හැදුවා. පුලුවන් නම් කියන්න මානව හිමිකම් කොමිසමේ තියෙන 3076/15 පරීක්ෂණය ඉවර කරන්න කියලා. ඒකත් ඔය වගේ කරන පලි ගැනීමක්. මිනිස්සු පැමිණිලි කරනවා. ඒවා අවසන් කරන්නේ නෑ. හිතවත්කම් වලට එහි වැඩ කටයුතු වෙනවා. රටේ නීතිය නිලධාරීන්ට හරි හැටි ක්‍රියාත්මක කරන්න.

:       0       35

shaantha Wednesday, 19 September 2018 03:23 AM

ජාතික ළමා රක්ෂණ අධිකාරිය ගැන කියල වැඩක් නැහැ. 2017 අවුරුද්දේ නොවැම්බර් 06 වෙනිදා බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලේ මුළු දවස පුරාවට සිසුන් 3000 ක් පමණ යොදා උද්ගෝෂණයක් සිදු වුනා. මේක කෙරෙව්වේ මේ පාසලේම ගුරුවරු 10 දෙනෙක්. මෙම ගුරුවරුන් ළමුන්ට බැනර්, කළුකොඩි, පෝස්ටර්, ගිනි වෙඩි ගෙනත් දී උද්ගොෂණයට යොදවා ළමුන් කෘරත්වයට පත්කොට බරපතල ළමා මානසික අපයෝජනයක් සිදු කළා. එත් ඒ ගුරුවරුන් තවමත් නිරුපද්‍රිතව එම පාසලේමයි. ළමයිගේ ජිවිත අනතුරේ. එත් තවමත් ළමා රක්ෂණ අධිකාරියයි ,අධ්‍යාපන අමාත්‍යාංශයයි නිදි. ඔන්න ලංකාව ළමා අයිතීන් සුරකින හැටි. හෙට අනිද්දා ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගියාම ඔය දෙගොල්ලටම ඇහැරෙයි .

:       0       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site