IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දියේ ගිලී සිසුන් මියයාම පිළිබඳව සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

(පාලිත ආරියවංශ )
 

ත්‍රිකුණාමලය , ගෝමරන්කඩවල  මැදවච්චිය වැවේ දියේ ගිලී  හාලිඇල ඌව විද්‍යා  විද්‍යාලයේ සිසුන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබදව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මට්ටිමින්  පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය  පැවසුවාය.
 
මේ සදහා  ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙක්  ,අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හා කළාප  අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ඇතුලත්  ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කළ බවද  අඹන්වල මහත්මිය සදහන් කළාය.

මෙම විමර්ශන කමිටුව සියලු පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට  හා  සිද්ධිය වූ ස්ථානයට ගොස් විමර්ශනය කිරීමට නියමිතය.
 අධ්‍යාපන චාරිකාවකට සහභාගිවී සිටියදී ඉකුත් (19) දා  මෙම වැවේ දියනෑමට සිසුන් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් සිසුන් 3 දෙනෙක් ප්‍ර දේශවාසින් විසින් බේරාගෙන රෝහල ගත කළහ  ඔවුන් සුවය ලබා රෝහලෙන් නික්ම ගොස් තිබේ .



අදහස් (0)

දියේ ගිලී සිසුන් මියයාම පිළිබඳව සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site