ඔගස්ටින් ප‍්‍රනාන්දු සහ ජුඩ් සමන්ත
ගංවතුරට කොටුවී සිටි පිරිසක් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන ඒමට තැත් කළ අවස්ථාවේ දී ගංවතුරට හසුවී ගසා ගෙන ගොස් අතුරිදන් වු මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයාගේ සිරුර සිද්ධිය වු ස්ථානයට නුදුරින් පඳුරක සිරවී තිබී අද (27) උදේ සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගිරිඋල්ලේ විසු රත්නායක පතිරන්නැහැලාගේ ඩිලාන් සම්පත් (29) නම් අය වේ.
සිද්ධිය වු සැනින් මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතා හලාවත පොලිස් අධිකාරි සුරමිජිත් කුමාරපේලි මහතාගේ උපදෙස් මත දියේ ගිලි අතුරුදන් වු පොලිස් නිලධාරියා සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
යුද හමුදාව හා නාවික හමුදාවේ කිමිදුම් ඒකකයේ නිලධාරින්ගේ ද සහය මේ සඳහා යොදා ගත් අතර ඔවුහු ගංවතුර ගැලු ස්ථාන ගණනාවක්ම සෝදිසි කිමදුම් කටයුතු වල යොදා සිටියහ.
ඡායාරූප - ජුඩ් සමන්ත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතහොඳ පොලිස් නිලධාරී මහතෙක්. අහිංසක ජීවිත බේරා ගන්න ඔහු තම දිවි පිදු වීරවරයෙකු බව මෙහිදී පෙන්වාදිය යුතුයි. නියම විදිහට මෙතැනට පොලිස්පතිතුමා පැමිණ ඔහුට ගරු කල යුතුයි. ඔහුගේ පවුලට හෝ යැපෙන්නට රක්ෂණ මුදලක් ලබාදීමට හැකිනම්, එය ඉතාමත්ම වැදගත් දෙයක්.