IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දියේ ගිලුණු ළමයෙකු සොයා ගිය කිමිදුම්කරුවෝ 6 ක් ගිලී මරුට

 
මලයාසියාවේ සෙපැන්ග් දිස්ත්‍රික්කයේ පතලක ගිලුණු  ළමයෙකු සොයා කළ මෙහෙයුමකදී ජීවිතාරක්ෂක කිමිදුම් භටයන් 06දෙනකු දිගේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ.
 
පසුගිය බදාදා මිතුරන් පිරිසක් සමඟ  පතලෙහි මසුන් ඇල්ලීමේ යෙදුනු 17හැවිරිදි පිරිමි ළමයෙකු දියේ ගිලී ඇති බවත් ඔහු සොයාගිය භටයන් දරුණු දියසුළියකට හසුවීමෙන් මිගොස් ඇති බවත් බලධාරීහු පවසති. 
 
කෙසේ වුවද දියේ ගිලුණු දරුවා මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇත.

සෙපැන්ග් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානී පවසන්නේ කිමිදුම්කරුවන් සියලු ආරක්ෂිත ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මුදවාගැනීමේ මෙහෙයුම සඳහා පිටත්ව ඇති බවයි. 
 
ඔවුන් සම්පූර්ණ කිමිදුම් උපකරණ පැළඳ සිට ඇති අතර හය දෙනාම තනි රැහැණක් බැඳගෙන දියට බැස ඇත.
 
"ඔවුන් දියට බැස සෝදිසි කරන අතර තුර දරුණු දියසුළියක් නිර්මාණය වී තිබෙනවා. ගොඩබිම සිටි කණ්ඩායම පවසන්නේ මෙම කිමිදුම්කරුවන් එහිදී ගොඩට ඒමට මහත් පරිශ්‍රමයක් දැරූ බවයි." ගිනි නිවන හමුදා ප්‍රධානී පවසයි.
 
කෙසේ වුවද විනාඩි 30ක පමණ කාලයකදී මොවුන් හයදෙනා ගොඩටගෙන ඇති නමුත් ඔවුන්ගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කරයි. ජීවිතාරක්ෂක භටයන් හයදෙනකු එකවර මියගිය ප්‍රථම අවස්ථාව මෙය බවත් එය සියලුදෙනාට ඉතා කණගාටුදායක සිද්ධියක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
 
(බීබීසී ඇසුරිණි - 085)
 


 



අදහස් (0)

දියේ ගිලුණු ළමයෙකු සොයා ගිය කිමිදුම්කරුවෝ 6 ක් ගිලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site