IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


දියණිය කෙළෙසූ පියාට වසර 45 ක සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)

සිය බාල වයස්කාර දියණිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 45 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

සිර දඩුවමට අමතරව රුපියල් 30,000 ක දඩයක් නියම කළ විනිසුරුවරයා අපයෝජනයට ලක්වූ දියණියට රුපියල් ලක්‍ෂ 3 ක වන්දියක් ගෙවීමට ද නියම කළේය. 

මෙම විත්තිකරු මීට වසර 10 කට පමණ ඉහතදී එවකට බාලවයස්කාර වියේ පසුවූ සිය දියණිය අපයෝජනයට ලක්කර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි. මෙම චෝදනාවන්ට තමන් නිවැරදිකරු බවට විත්තිකරු පැවසීම නිසා දීර්ඝකාලයක් මුළුල්ලෙහි මෙම නඩුව විභාග කරන ලදී.

එම දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරුට එරෙහිව නඟා ඇති සියලූම චෝදනාවන්නට ඔහු වරදකරු බවට විනිසුරුවරයා තීරණය කළේය. 

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හංස අබේරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙය අතීශය ඛේදජනක තත්ත්වයක් බවත් සමාජයේ සෙසු අය වරදට නොපෙළඹවීම සඳහා ආදර්ශයක් වන අන්දමට මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිපත්කරමින් විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. 
ඉදිරිපත් වූ සියලූ කරුණු සළකා බැලූ විනිසුරුවරයා විතිත්කරු වරදකරු කර එක් චෝදනාවකට වසර 15 බැගින් චෝදනා තුනට වසර 45 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ද, එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් චෝදනා තුනට රුපියල් 30,000 ක දඩයක් ද නියම කළේය. 

නියම කළ දඩ සහ රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදල නොගෙවුවහොත් ඔහුට අමතර සිර දඩුවම් ද නියම කළේය.  



අදහස් (5)

දියණිය කෙළෙසූ පියාට වසර 45 ක සිරදඬුවම්

සෙනෙවි Wednesday, 24 May 2017 03:21 PM

මේ වගේ මිනිස්සුන්ට දැඩි පියවර ගන්න ඕනේ නොපමාවම....

:       0       17

arschfikaa Wednesday, 24 May 2017 03:29 PM

මේ වගේ අය කොහෙද මේවායේ හොඳ නරක දන්නේ? උපරිම දඬුවම් දිය යුතුයි...

:       0       9

wije Thursday, 25 May 2017 05:00 AM

මේවාට සිරදඩුවම් දීලා හුරතල් කරලා වැඩක් නැහැ

:       0       1

ධම්ම Thursday, 25 May 2017 06:53 AM

දුන් දඬුවම හොඳයි, ඒත් ලංකාවේ හිරගෙදර මෙයාට හොඳ වැඩියි.

:       0       1

උමේශ් Thursday, 25 May 2017 07:16 AM

දැන් එතකොට අවුරුදු 45 ක් අපෙන් බදු මුදල් අය කරගෙන නිකන් ඉන්න මෙයාට කන්න දෙනවා?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site