ටෝනි කරුණානායක
11 හැවිරිදි තම දියණිය අපයෝජනය කළ පියකුට සිද්ධියෙන් වසර 22කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතා අද වසර 12ක බරපතල වැඩ ඇතිව සිර දඬවම් නියම කළේය.
නඩු තීන්දුව ලබා දෙන අද වන විට ඇය 33 තුන් හැවිරිදි වූවාය.
රුපියල් 1000ක දඩයක් සහ දියණියට රුපියල් 15000ක වන්දියක් නිමය කළ විනිසුරුවරයා දඩ සහ වන්දි නොගෙවන්නේ නම් තවත් වසරකුත් සතියක සිර දඬුවමක් නියම කළේය.
COMMENTS
ලෝකයේ දුෂිතම රටවල් අතරින් එකක් වන අපි ලෝකයේ අකාර්යක්ෂම රට හැටියට නම් කලත් පුදුම වෙන්න දෙයක් නැහෑ.
උතුමාණෙනි යුක්තිය රජයන ලොවකට මා කැඳවාගෙන යන්න. අවුරුදු 20ක් ගියා සාක්කි නැති නිසාද නැත්නම් ? අනික මාර දඩනේ ලංකාවේ ගහන්නේ නේද.
අපේ රටේ අධිකරණ පද්ධතිය ගැන දුක හිතෙනවා . යුක්තිය ඉෂ්ඨ වෙන්න අයුක්ති සහගත කාලයක් අරගෙන
අවුරුදු 22 කට පස්සේ නඩුව ඉවරවුනේ? තාත්තා දුවට කල දේට වඩා අපි ජාතියක් වශයෙන් ලැජ්ජා වෙන්න ඕන තවමත් යුක්තිය පසිඳ ලීම අතින් අපි ගල් යුගයේ ඉන්න එක ගැන. තවමත් එකම රජයකටවත් අධිකරණ සේවා කොමිසමකටවත් බැරි වුනා 'යුක්තිය ප්රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමයි' කියන පිළිගත් සිද්ධාන්තයවත් රකින්න. මිනිස්සු නීතිය අතට ගන්නේ ඇයි කියන එක ගැන හොයන්න කාටවත් උවමනාවක් නැති හැටි!
පුදුම දඩයක් හා වන්දියක්නේ මේක. ලංකාවේ ළදරියකගේ කන්යා භාවයේ වටිනාකම මේකද? උසාවිය ගණන් බලන්න ඕන ඔය නීතිය පොතට ඇතුල් කළ දවසේ රුපි 1000ක් හා රුපි 15,000ක් පොලිත් සමග අද කොපමණ වටිනවද කියා. මෙවැනි යල් පැනපු නීති ඉදිරියේ අසරණ වන්නේ වින්දිතයන් වන අහිංසක ජනතාව මයි.
අවුරුදු 22 අපේ රටේ නිතිය ක්රියාත්මකවන හැටි.
අපට හිමි අධිකරණ පද්ධතිය කොතරම් කාරයක්ෂම ද?
දියණියට කරපු තිරිසන් වැඩේට අවුරුදු 22 කට පස්සෙද එයාට දඬුවම් දුන්නේ? මේ නිසානේ රට වලපල්ලට ගිහින් තියෙන්නේ !
මරු නඩු තීන්දුව ... වසර 22ටත් පසු ලැබී ඇති දෙය කුමක්ද? තමන්ගේ ලෙයින් උපන් දරුවාව කෙළෙසන්න තරම් සක්කිලි වනචාරීන්... මෙහෙමත් රටක්, කෝ සදාචාරය? හික්මීම? මනුස්සකම? සාධාරණ විනිශ්චය කුමක්ද?
තමන්ගේ ආදරණීය දු සිගිත්තියව දුෂණය කරන්න පුළුවන් තිරිසන් තාත්තලට සදාකාලිකව විදවන දඩුවම් දෙන්න ඕන.