ලෝක උරුමයක් වන රන්ගිරි දඹුලු ලෙන් විහාර සඳහා ප්‍රවේශපත්‍ර නිකුත්කිරීමේ බලය මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
දඹුලු ලෙන් විහාර නැරඹිට පැමිණෙන විදේශිකයින් සඳහා මෙතෙක් ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුයේ විහාරස්ථානය මගිනි.
ශ්‍රී ලංකාවේ ලෝක උරුම ස්ථාන මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංරක්ෂණය වේ.
044
COMMENTS
ලංකාවේ පැරණි විහාරස්ථාන විනාශ කිරීම සඳහා ඉමහත් දායකත්වයක් සපයන ආයතනය තමයි "මධ්‍යම සංස්කෘතික අරමුදල". දළදා මාලිගාව, කළුතර බෝ සමිඳු, සෝමාවතිය ඇතුළු සියලුම පැරණි බෞද්ධ පූජනීය ස්ථානවලට එම ස්ථානයේ දියුණුව පතා අහිංසක ජනතාව බැතියෙන් පූජාකරන රුපියල දෙක ආණ්ඩුව ගන්නේ වැරැදි විදිහට... මෙම අරමුදල මගින් එම පැරණි විහාරස්ථාන සඳහා අල්පෙනෙත්තක දෙයක් නොකරනවා වගේම හාමුදුරු නමකගේ වැසිකිළි, කැසිකිළි සඳහා ගොඩනැගිල්ලක්වත් එම භූමිවල ඉදිකරගන්න නොදෙයි. අතීත මුහුදුමහා විහාරය, දීඝවාපි පුදබිම කොල්ලකද්දී මේ "මධ්‍යම සංස්කෘතික අරමුදලට" හෝ පුරාවිද්‍යාවට අඩුම තරමේ වැටක් ගසා හෝ එම පුදබිම් ආරක්ෂා කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
පන්සලේ ඒවා ගන්න එකනම් හොඳ නැහැ...
මෙය සිදු කල යුතුව තිබුනේ මීට බොහොම කලකට පෙරයි. විහාරස්ථානය මෙතෙක් කල් ආදායම ගත්තත් යුනෙස්කෝව මගින් කලකට ඉහතදී ඉමහත් ධනයක් වැයකර සිදු කල සංරක්ෂණ කාර්යයන් නඩත්තු කළේ නැහැ. ඒ නිසා විහාර ගෙවල් නැවතත් ජරා ජීර්ණ වුනා.
කූරගල රැක ගන්න මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මොකද කළේ? සල්ලි විතරක් අරගෙන හරියන්නේ නෑ.
එය ඉතාම බුද්ධිමත් ක්‍රියාවකි. විදේශිකයින් ගෙන එන රියදුරන්ට අාහාර පහසුකම් අනිවාර්ය කරන්න, මොකද සුද්දෝ දහවලට අාහාර නොගන්නා නිසාත්, ඔවුන්ගේ රාත්‍රී ආහාරය ඉතාම පොහොසත් වේලක් වන නිසාත් රියදුරන් රාත්‍රියට සුළු ආහාරයක් ගෙන නින්දට යන නිසාත්, අනෙක දඹුලු විහාරයේ තිබෙන වැසිකිලි වලට රුපියල් 100/= ක් විදේශිකයින්ගෙන් අය කිරීම සුදුසු නොවේ. මෙය මානුෂීය අවශ්‍යතාවයකි.
ඇත්ත වශයෙන්ම මේක ඉතාමත් හොඳ ක්‍රියාවක්. 2015 ට පෙර මෙම මුදල් ගියේ ඉහළම පුද්ගලයෙකුගේ සහෝදරයකුගේ අරමුදලකට... ඔහු ඇමෙරිකන් පුරවැසියෙක්...