ක.ග කරුණාරත්න
කන්තලේ - අග්බෝපුර පොලිස් වසමට අයත් කිතුල්උතුව ගල්වංගුව ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) අලියකු පහර දී හානි සිදු කිරීමෙන් අනතුරුව තම ගම්මානවලට සිදු වන අලි හිරිහැර මැඩලීමට වහා පියවර ගන්නා ලෙස රජයට බල කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
එම විරෝධතාකරුවන් දඹුල්ල - ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගය අවහිර කිරීම හේතුවෙන් අද (11) එහි වාහන ගමනා ගමනය මුළුමනින්ම ඇණ හිට තිබෙන අතර ප්‍රධාන මාර්ගයේ විශාල වාහන තදබදයක් ද පවතින බව පොලීසිය සඳහන් කළේය.
වනජීවී නිලධාරීන් හෝ රජයේ වගකිවයුත්තෙකු පැමිණ තම ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා එකඟ වන තෙක් විරෝධතාව අත් නොහරින බව ගම්වාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ ෆොන්සේකා මහතා. කටින් බතල හිටවන එක තමයි තියෙන්නේ.