IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදියන් ඉවත් කෙරේ

(කාංචන කුමාර ආරියදාස)

කාලයක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ අතර මැදි වෙළඳාම හෙවත් නාඩි වෙළඳාම අද (02) සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියා කළ බව වෙළෙඳ සංගමයේ සභාපති චන්න  ඇරැවුල මහතා  පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  එළවළු රැගෙන එන ගොවීන්ට සහ එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ට මහත් හිරිහැරයක් ව පැවැති අතරමැදි වෙළදාම නිසා කරදර රැසක් සිදු වූ බව වෙළඳ සංගමයක් හැටියට එය නවතා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ බවද සභාපති චන්න ඇරැවුල මහතා පැවසීය.

රාජ්‍ය  පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දැනුම්දීම පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නාඩි වෙළඳාම වහාම නතර කරන ලෙස තරයේ වෙළඳ සංගමයට දැනුම් දුන් බවත් ඒ අනුව  කිසිම ආකාරයකින්  මින් පසු නාඩි  වෙළඳාම අතරමැදි වෙළඳාම සිදු කිරීමට ඉඩහසර ලබා නොදී පොලීසියේ සහාය ඇතිව ක්‍රියා කරන බව සභාපතිවරයා සඳහන් කළේය.
 
අතරමැදි වෙළදාම හෙවත් නාඩි වෙළඳාම සිදු කරනු ලබන්නේ උදෑසන කාලයේ ගොවීන් රැගෙන එන එළවළු අඩු මුදලකට කණ්ඩායමක් පැමිණ මිලදී ගෙන ආර්ථික මධ්‍යස්ථාන තුළම තබා ගෙන නැවතත් පිටතින් එන වෙළෙන්දන් ට වැඩි මුදලට අලෙවි කිරීම සිදු කරගෙන ගිය බව සභාපති චන්න රැවුල මහතා සඳහන් කළේය .

මේ නිසා ගොවි ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින් ද අසීරුතාවයකට පත්ව තිබෙන බවත් මින් ඉදිරියට ගොවියා සහ ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දා  එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන ව්‍යාපාරිකයා අතර පමණක් ගණුදෙණු සිදුකෙරෙන බවද ඒ මහතා පැවසීය.

 යම් හෙයකින් අතරමැදි වෙළඳ කණ්ඩායම් ආර්ථික මධ්‍යස්ථානය තුළ නැවත ක්‍රියාත්මක වීම වුවහොත් වහාම නීතිමය පියවර ගන්නා බවත් ඒ සඳහා දැනටමත් පොලිසියේ ආරක්ෂාව යොදවා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය .

 
 
 
 
 



අදහස් (16)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදියන් ඉවත් කෙරේ

THUSHARA Monday, 02 March 2020 11:41 AM

හොඳ තීරණයක්.... මිනිසුන් හුරතල් කරලා රටක් පාලනය කරන්න බැහැ. දුක් මහන්සි වෙන ගොවියාට සාධාරණයක් වුණොත් හොඳයි.

:       1       426

Kamal Koyrala Monday, 02 March 2020 12:25 PM

හොඳ අදහසක්... මෙවැනි ආර්ථික මධ්‍යස්ථාන වල වෙළඳුන් ලියාපදිංචි කර හැඳුනුම්පතක් නිකුත් කර පාරිභෝගිකයින්ට වන අපහසුතාවලින් වළක්වා ගැනීමට කැමරා සවි කළයුතුයි.

:       0       236

sunil gikiyange Monday, 02 March 2020 01:01 PM

සමහර වෙලාවට UNP කට්ටිය අයින් කරලා ඒ අයගේ කට්ටියට වැඩේ බාරදෙන්න වෙන්න පුළුවන්... ඡන්දෙත් කිට්ටුයිනේ. හරියටම ඕක කරන්න ඕනේ නම් ඔතන ප්‍රධානියාව හමුදාවේ විශ්‍රාම ගිය කෙනෙක් දාන්න. අනෙක ඔය ඉවත් කලා කියන එක කොහොමද කෙරෙන්නේ? කියන එක ටික දවසක් ගියාම බලගත හැකියි. හැමතැනම මැරයන්, කුඩුකාරයන්, බර කාරයන් තමයි රජ කරන්නේ. ඕක හරියට ක්‍රියාත්මක වෙනවද කියලත් හොයලා බලන්න..

:       267       305

sampathMonday, 02 March 2020 04:07 PM

අර ගමේ මිනිස්සු කියන්නේ "UNP කාරයින් කියන්නේ කිසිම දෙයක් හොඳක් නොදකින, කුහක සෙට් එකක්" කියන එක සම්පූර්ණ ඇත්ත...

:       261       433

ass charyaMonday, 02 March 2020 06:04 PM

සුනිල් කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන් මේක ලංකාවනේ. දැන් ඒකෙන් යැපුන ජනතාවගේ පවුල් කන්නෙ බොන්නෙ හිගා කාලද.

:       72       4

ass charyaTuesday, 03 March 2020 04:17 AM

හොදක් දකින්න හොද දෙයක් වෙන්න එපැයි. ඔය සුනිල් මහත්මයා, කියන දේ වෙන්නත් පුළුවන්. අනෙක දැන් ඔය දේ කරපු මිනිස්සුන්ගේ දරු පවුල් නඩත්තු කරන්නෙ හිගා කාලද මංකොල්ල කාලද හොරකම් කරලද. සමහර මිනිස්සු කියන්නෙ පොහොට්ටුවේ ඉන්නෙ කිසිම දැනුමක් නැති මිනිස්සු කියන කතාව සම්පුර්ණ ඇත්ත.

:       100       74

Pradeep Monday, 02 March 2020 02:29 PM

ප්‍රමාද වී හෝ ගත් හොඳ තීරණයක්...

:       0       87

dare Monday, 02 March 2020 03:19 PM

අතරමැදි වැඩේ කරෙත් ජනකගේ සෙට් එකක්ම නේද?

:       88       297

SuranimalaMonday, 02 March 2020 05:59 PM

දන්නෝ දනිති... මේවට කොහෙන් හිනවෙන්නද මන්දා. ඔය කියන අතරමැදියෝ කාගේ මිනිස්සුද කියලා දඹුල්ලේ කෙනෙකුගෙන් අහන්න.

:       0       55

janahitha Friday, 06 March 2020 09:24 AM

කාගේ මිනිසුන්ට වුණත් ජනපතිගේ නියමය බලය අද ක්‍රියාත්මක වෙනවා.. ඔහුට නැවත බලයට ගෙනෙන්න කෙනෙක් නැත. අදහසක්ද නැත. පක්ෂ, පාට නැතිව නාඩිකරුවන් අල්ලාගෙන ගොස් හොඳින් සංග්‍රහ කර ඇත... මතක ඇති කාලයක නැවත නොඑනු ඇත.

:       0       2

jayath Tuesday, 03 March 2020 03:59 AM

සම -හරක් තියෙන කුහක කම හින්දා , තියන මෝඩකම හින්දා හැමදෙයක් දිහාම බලන්නේ දේශපාලන කෝනයෙන්නේ. හිතට එකඟව හිතන්න මේක හොඳ වැඩක් නෙමේද කියලා. අමතක අය මතක් කරගන්න අලුත් පෑලියගොඩ මාළු මාකට් එකේ කප්පම් ගන්න ආපු අයට " නාන්න " දුන්නෙත් මේ ගෝඨම තමයි.

:       2       11

athuraWednesday, 04 March 2020 04:19 AM

නිකන් දන්නා දෙයක් කතාකරන්න මහත්මයා...

:       80       0

lalithm Tuesday, 03 March 2020 04:02 AM

ලොකුම නාඩියා ඔතනින් පැන්නුවානම් වැඩේ ගොඩ. කොහෙද ඉතින් ඡන්දෙත් ආවනේ. සල්ලිත් එපැයි.

:       0       33

sanula Tuesday, 03 March 2020 04:32 AM

ඔය වගේ වැඩ වලට දාන්න ඕනේ හමුදාව. පොලීසිය වවන් කයි ඕක.

:       0       11

gamaya Tuesday, 03 March 2020 05:01 AM

අතරමැදියොත් මනුස්සයෝය.

:       20       3

Gamma Tuesday, 03 March 2020 05:04 AM

අතරමැදියන්ට වඩා ඔතන මාෆියාව පාලනය කිරීමම වියයුත්තේ. කොළඹ පොදු වෙළඳ ස්ථාන වල තත්වයත් එසේමයි

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1521 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site