(නිමල් ජයරත්න)
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ පුළුල් පරික්‍ෂණයක් සිදුකර ඒ පිළිබදව චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරිම සදහා ජපන් ටි වි ආයතනයේ විශේෂ කණ්ඩායමක් 29 වැනිදා කුඩාවැව වෙල්යායට පැමිණ එහි මුලික කටයුතු ආරම්භ කළේය.
2012 දෙසැම්බර් 29 වෙනිදා රාත‍්‍රියෙදි කුඩාවැව වෙල්යායට පතිත වු මෙම උල්කාපාත කොටස් තුලින් ලොව පුරා සිටින තාරකා ජිව විද්‍යාඥයන් මෙන්ම නාසා ආයතනයද පරික්ෂණ සිදු කර සුවිශේෂි කරුණු රැසක් අනාවරණය කර ගත්තේය.
ඒ අනුව පෘථිවියෙන් බැහැර අභ්‍යවකාශයේ ජිවින් පැවතිය හැකි බවට මුලින්ම සනාත කර ගත්තේ මෙම උල්කාපාත කොටස් මගිනි. ශ‍්‍ර‍්‍රී ලංකාවේ මෙම උල්කාපාතය පිලිබද ජපානයේ නිෂ්පාදනය වන චිත‍්‍රපටය මේ වසරේ ජුනි මාසයේ එළි දක්වන බවත් ඊට ශ‍්‍රී ලංකාවේ පොළොන්නරුවේ ගොවි මහතෙකු වන 68 වියැති ඒ ජි ටිකිරි බණ්ඩා ඇතුළත් වි සිටිම ශ‍්‍රි ලංකාවට මහත් කිර්තියක් බවත් ජපන් ටි වි ආයතනයේ ශි‍්‍රී ලංකා ප‍්‍රධානි අයෝධ්‍යා දේවසුන්දර මහත්මිය සදහන් කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක හොඳයි. ජපන් ටීවී එකෙන්වත් මෙව්වා පෙන්නන එක. අපේ ටීවී වලට ඉතින් ඔව්වට වෙලාවක් නැහැනේ?
ජාත්‍යන්තර කීර්තියට පත් මහා නළු ටිකිරිබණ්ඩා මහතාට අපගේ උපහාරය !!!
අපේ ටීවී කාරයෝ කා ගන්නවා අනුන්ගේ නිර්මාණ උදුරා ගන්න