IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


දෙමළ සන්ධානය අවස්ථාව එනකම් බලා සිටී

සිරාජ් හසීම්

ජාතික ආණ්ඩුව බිදවැටීම තුළින්  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලියට බලපෑමක් සිදුවිය හැකි බවත් ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබද සලකා බලා තීන්දුවක් ගන්නා බවත් දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

එමෙන්ම ජාතික ප්‍රශ්නයට විසදුමක් ලැබෙන තෙක් රජයකට එකතු නොවීම දෙමල ජාතික සන්ධානයේ  ස්ථාවරය වුවත් වත්මන් දේශපාලන තත්වය ගැන සිතා තීන්දුවක් ගන්නා බවද හෙතෙම කීය.

පළාත් පාලන ඡන්දය සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානයයේ විශේෂ සාකච්ඡාවක් අද(14)වනදා යාපනය මාටිං විදීයේ පිහිටි ඉලංගයි  තමිල් අරසු කච්චි පක්ෂ මූලස්ථානයේදී පැවත්විනි. සාකච්ඡාවෙන් අනතුරුව කැදවූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය.

විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරලා තියෙනවා ජාතික ආණ්ඩුව ඉදිරියට යෑම පිළිබදව කිසිදු ගැටලුවක් පේන්න නෑ කියලා.  මොකද  මෙම මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අනුව එහෙම කියන්න පුළුවන්. ජාතික ආණ්ඩුව ඉදිරියට යා යුතුයි කියන එකයි අපේ මතය. නමුත් එහි වෙනස්කම් සිදුවිය හැකියි. එලෙස වෙනසක් ඇති වුණොත් විශේෂයෙන් විපක්ෂ නායකතුමාගෙන් සිංහල මාධ්‍යයන් ප්‍රශ්න කරලා තියෙනවා සහය දක්වනවාද කියලා. කවුරුන් හෝ එලෙස යෝජනාවක් ඉදිරිපත් කළොත් එය සලකා බලන්න කලින් තිරණයක් ප්‍රකාශ කිරීම වැරදියි.

අපේ ජාතික ප්‍රශ්නය විසඳුමක් ලැබෙන තාක්කාල් අපි රජයට එකතු වෙන්නේ නැහැ කියන එක අපේ අරමුණක්. නමුත් යෝජනාවක් ආවොත් අපි සලකා බලනවා. දකුණේ වෙනසක් සිදුවුණොත් එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදීමට බලපානවා. එවැනි අවස්ථාවකදී සියල්ල ඉවරයි කියලා අපට වහලා තියන්න බැහැ. අපි ඉදිරියටත් ඒකට උත්සාහ කරනවා. 2010  - 2015 රාජපක්ෂ ආණ්ඩු සමයේදී අප සාකච්ඡා කළා.  මෙය බාධකයක් වුවත් අපි ඒකට මුහුණ දෙනවා.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා මෙම නව මැතිවරණ ක්‍රමයේ ගැටලුවක් ඇති කරලා තියෙනවා. එබැවින් සභාවක බලය පිහිටුවීමට කිසියම් පක්ෂයකට බහුතර මන්ත්‍රීධුර හිමිවෙලා තියෙනවානම් එම පක්ෂය බලය  පිහිටුවීමට අනෙක් පක්ෂ විරුද්ධ නොවිය යුතුයි කියලා අපි ස්ථාවරයේ ඉන්නවා.

අපි ඒ සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක් එක්කවත් සාකච්ඡා කරලා නැහැ. නමුත් එම මතය පිළිගෙන මධ්‍යස්ථ මතධාරීන් විවිධ පක්ෂ සමග සාකච්ඡා කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් යාපනයේ පක්ෂ දෙකක් තමනුත් එම මතයේ ඉන්නවා කියලා තියෙනවා. මෙම මැතිවරණය ජයගත් සියලු සභිකයින් කුමන පක්ෂයේ හිටියත් ඔවුන් එම මතයේ වැඩ කරයි කියලා අපි හිතනවා.



අදහස් (6)

දෙමළ සන්ධානය අවස්ථාව එනකම් බලා සිටී

Raveendra Wednesday, 14 February 2018 04:16 PM

ඕක අලුතින් කියන්න දෙයක් නොවේ. අපි මෙයාලව සැමවිටම "අවස්ථාවාදීන්" බව දන්නේ අද ඊයේ නොවේ.

:       51       745

thilina Wednesday, 14 February 2018 05:48 PM

මෙතුමා ඉතා දක්ෂ කඩිසර නීතීඥවරයෙක්. ඉංග්‍රීසි භාෂාව ඉතා චතුර ලෙස කතා කරනවා. උච්ඡාරණය හරිම නිවැරදියි. සිත් ගන්නා සුළුයි. ඒ වෙලාවට මම බොහොම උනන්දුවෙන්, ආශාවෙන් අහගෙන ඉන්නවා. ඔබතුමාට එයට බොහොම ස්තුතියි. නමුත් කණගාටුයි. මෙතුමාගේ දේශපාලන භාවිතය නම් මට ප්‍රශ්නයක්...

:       0       0

Bamunuarachchi Thursday, 15 February 2018 01:39 AM

ඔබලාගේ ජාතික ප්‍රශ්න අපේ ජාතික ප්‍රශ්න නොවෙයි. උතුරේ ඉඩම් බලතල, පොලිස් බලතල ඔබලාට නැතිවීම අපිට ප්‍රශ්නයක් නොවෙයි. ඉඩම් සහ පොලිස් බලතල ඔබලාට දීම අපට ප්‍රශ්නයකි. අපට වුවමනා අපිට ප්‍රශ්න නැතිව ජීවත් වීමයි.

:       0       0

Bamunuarachchi Thursday, 15 February 2018 01:43 AM

අපි ඔබලාට අවස්ථාවක් නොදීමට බලාගෙන ඉන්නවා..

:       0       0

voter Thursday, 15 February 2018 02:56 AM

කුඩා ඡන්ද ප්‍රමාණයක් තියාගෙන ලොකු වැඩක් කරන්න ඉන්නේ. පළාත් සභා බලවත් කරගෙන මහ රජවරු වෙන එක විතරයි. ඡන්ද දායකයෝ තවත් අමාරුවේ වැටෙන එක විතරයි. ප්‍රශ්න විසඳන්න කෑලි කඩන්න අවශ්‍ය නැහැ. මේ ගමන ඡන්ද රටාව බැලුවහම පේනවා රට යන්නේ කොහෙද කියලා. කාටද පළාත් සභා ඕනේ කියලා...

:       0       0

ජයන්ත මිලානෝ Thursday, 15 February 2018 06:09 AM

ඕකට තමයි කියන්නේ "කල දුටු කළ වල ඉහ ගන්නව " කියලා .

:       0       67

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 68 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 365 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site