( මහින්ද නිශ්ශංක සහ කරුණාරත්න ගමගේ )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (12) පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
වැටුප් විෂමතාව නිවැරදි කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති සහ පාළක යන ශ්‍රේණි ක්‍රියාත්මක වර්ජනය මෙසේ අවසන් කෙරිණි.
පොලොන්නරුවේ ජනාධිපති නිල නිවසේදී අද (12) පෙරවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවේදී මෙම තිරණයට එළැඹි බව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම් ලාල් ආරියරත්න මහතා පැවසීය.
වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී ජනාධීපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන් බවත් ආරියරත්න මහතා සඳහන් කළේය.
ඒ අනුව දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ අතර අද සිට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
(36698)
COMMENTS
හුරේ .. ජයවේවා !! ස්ට්‍රයික් නවත්වනකම් සාකච්ඡා නැහැ කිව්වා. මංගල ඇමතිතුමාගේ කලිසමත් ගැලෙව්වා එහෙනම් අපේ ජනාධිපතිතුමා...
දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධයට ප්‍රණාමය. හැබැයි එයා දෙන පොරොන්දු ගැන තැබිය හැකි විශ්වාසයේ අගය ධනාත්මකද? ඍනාත්මක ද? ඒකනම් අතිශය කුකුස් දනවන්නකි.
මේ අය ජනතාව විකුණයි. ජනතා අරගලය විනාශ කරයි.
කෝ මේ මංගල?
ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ... අපිට නම් මෙලෝදෙයක් තේරෙන්නේ නැහැ. මේක තමයි සැබෑ වෙනස. මේකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයලු. දන්නේ නැති නිසා අහන්නේ ඒක ඇත්තද?
මංගල ඇමතිතුමා, කෝ කලිසම?
අයියෝ ඇමැතිවරුන් මේ රටට මොකටද?
අපට දුම්රිය එපා. මේ අය කරන නීති විරෝධී වැඩ වර්ජන වලට විරුද්ධව කටයුතු කරන්න. විකල්ප පිරිසක් (හමුදාවේ හෝ රජයේ සේවයේ වෙනත් රැකියා කරන) දුම්රිය ධාවන කටයුතු වලට පුරුදු කරන්න. නැත්නම් හැමදාමත් අසාධාරණ ඉල්ලීම් වලට යටවෙන්න වෙනවා.
අන්තිමේ ජනපතිම පත්තරේ බලලා විසඳුමක් දෙනකන් ඉන්න වුනා. වැඩ බැරි ප්‍රවාහන ඇමති කෙනෙක් ඕනෑ නෑ. යන යන තැන නිදි. වෙනවෙන ඇමැතිලා තමන්ගේ විෂය පැත්තකින් තියලා ප්‍රවාහන ගැටළු ලිහන්න හදනවා. කොච්චර ලොකු කතා කිව්වත් වර්ජකයෝ අන්තිමේ දිනුම්. ප්‍රවාහන අමාත්‍යංශය ජනපති යටතට ගත්තා නම් සල්ලිත් ඉතුරුයි. දවස් හතරක් රටේ ප්‍රධානම ප්‍රවාහන අංශය නැවතිලා රටට විශාල පාඩුවක්, වැඩ කරන ජනතාව පාසල් ළමුන් මහපාරේ දුක් විඳිනවා. වග කිවයුතු බලධාරීන් ඇස් කන් පියන් ඉන්නවා. අපේ රටට ගිය කලක්...
මාෆියා කාරයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට නම් කියාපු කෙනා. මාෆියා කාරයන් මඩු වලිගෙනුත් තලලද?
මොන බම්බුවකටද දන්නේ නැහැ දවස් හතරක් කට ඇරගෙන බලාගෙන හිටියේ? එදාම ඔය ඉලව්ව දීලා දාන්න තිබුණා හිටං....
මෙහෙම නායකයින් නම් පොල් පිත්තකින් කපා ගන්න තිබුණා.
අයියෝ ඇයි නැවැත්තුවේ... අපි මේ හෙට ඉඳලා දෙන්න හිටියේ ස්ට්‍රයික් කරපු එ් අයගේ ගෙවල්වලට ගිහින්. අපරාදේ... ඊළඟට ඩොක්ටර්ස්ලා...
මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දෙ බලාගෙන කරන මැදිහත් වීම් නිසා කිසිම අමාත්‍යවරයෙකුට ස්ථිර විසඳුම් දීලා ප්‍රශ්න විසඳන්න බැරිවෙනවා. මේකෙන් තවත් ප්‍රශ්නේ අවුල් වෙනවා. මේවා දේශපාලන වැසි තකා කරන මැදිහත් වීම්...
මේ මිනිස්සු කොහොමද මෙච්චර ඕටී ගන්නේ? ඩ්‍රයිවර් කෙනෙක් මාසෙකට ලක්ෂ දෙකක් ඕටී ගන්න නම් දවසේ සෑම තප්පරයකම හැමදාම කෝච්චිය ඇතුලෙම ඉන්න ඕනෑ. මේක වංචාවක් කියලයි මම නම් හිතන්නේ. අපේ අප්පච්චි මට කියලා තියෙන්නේ රාජකාරිය දේවකාරියක් කියලා හිතන්නයි... ආණ්ඩුවේ සල්ලි දෙවියන්ගේ සල්ලි කියලා හිතාගෙන හොරබොරු නොකර රාජකාරිය කරන්න කියලයි. ඒක නිසා මං මාසෙකට ලබාගන්න පුළුවන් රුපියල් ලක්ෂයක විතර දීමනා, ඕටී කිසිම දෙයක් ගත්තේ නැහැ.
හූ හූ ... ගුටිත් කාලා නිකන් පච වුණානේ...
මහජනතාවගේ සාධාරණ කෝපය ඇවිලෙන කොට, කාගේ හරි ඇඟේ එල්ලිලා ස්ට්‍රයික් එක නවත්ත ගන්නයි ස්ට්‍රයික් කාරයින්ට ඕනෑ වුනේ.. කාට කාටත් මේක හොඳ පාඩමක්.. විශේෂයෙන්ම දොස්තරලාට.. ඒ ගොල්ලන්ටත් හොඳ පෝරියල් එකක් ලඟදීම මහජනතාවගෙන් ලැබීම වැළැක්විය නොහැකියි.. මම හිතනවා ජේ.ආර්. 80 වර්ජකයින්ට උගන්නපු පාඩම මේ අයටත් දිය යුතුයි..
අනේ අපොයි මෙහෙමත් රටක්... දුම්රිය ඩ්‍රයිවර්ගේ රැකියාවට අධ්‍යාපන සුදුසුකම් මොනවද? රජයේ විශේෂඥ වෛද්‍ය වරෙයකුගේ රැකියාවට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොනවද? පහුගිය දවස්වල ප්‍රවෘත්ති වල තිබුණු විදියට සමාන අයිතීන්. පිටරට ගිය උගතුන් මෙරටට නැවත එයිද? නොකෙරෙන බේතට කෝඳුරු තෙල් හත් පට්ටයකුත්, ටිකකුත් අවශ්‍යයිලු නේද?
වත්මන් රජයෙන් පලිගන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වුමනාවකටද මේ වර්ජනය සිදුකළේ? නැතිනම් රට පාලනය කරන රජය සමග මිස ජනාධිපති ළඟ විසඳුම් කොහෙද? අද රජය යම් දෙයක මිල වැඩි කළොත් හෙට ජනපති පහත හෙලනවා. ඒ කියන්නේ ජනපතිත් කාටහරි කඩේ යනවා.
අපේ රටේ ආණ්ඩු දෙකක් තියෙනවා කියන එක නම් පැහැදිලියි. ආණ්ඩු දෙකම වැඩකරන්නේ අපේ තුට්ටු දෙකට බර දාලා තමන්ගේ කශේරුකා අතරින් පතර ගැලවිලා තිබීමේ අඩුව වහගන්න. මොකක් වුණත් දැන් අනික් සකලවිධ සමිති සමාගම් කාරයින් ටික සම අයිතිවාසිකම් ඉල්ලනකොට ඉතුරු කොඳු ඇට ටිකත් නවා ගෙන දෙකට නැමෙන්න සුදානම් වෙන්න වෙයි.
මහ පොළවෙ පය ගහලා, ජනතාව ගේ හදවතට ලංව ඉන්න ජනාධිපතිතුමා එක හමුවෙන්ම ප්‍රශ්නය විසදුවා. ජනාධිපතිතුමාට ජයවේවා
ජනාධිපති සමග කතා කල බවට මගීන්ට පිළිගත හැකි කිසිම සාක්කියක් නොමැත මෙය පට්ටපල් බොරුවකි. කිසිම තැනක පින්තුරයක් පලකලේ නැත.