(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරුන් සහ නියාමකවරුන් හෙට (05) පෙරවරු 8.00 සිට සෙනසුරාදා (06) පෙරවරු 8.00 දක්වා පැය 24ක වර්ජනයක යෙදෙන බව රියදුරු සහ නියාමක සංගම් පවසයි.
සයිටම් ආයතනයට එරෙහිව හා විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මෙම වැඩවර්ජනය කරන බවද එම සංගම් කියයි.
මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට එක් නොවන බව ද එම සංගම් පවසයි.
ලංගම සහ පෞද්ගලික බස් රථ වර්ජනයකින් තොරව සාමාන්‍ය පරිදි ධාවනය වන බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ ද සාමාන්‍ය පරිදි ධාවනය වන බව ලංගම ජාතික සේවක සංගමයේ ලේකම් රංජිත් විජේසිරි මහතා පවසයි.
COMMENTS
ජනපති තුමනි, ඔබගේ නිහඬ හා ලිහිල් පිළිවෙතින් රටම අමාරුවේ වැටෙන බවයි දැනෙන්නේ. දුක් විඳින්නේ ජනතාවයි, දේශපාලකයන් තමන්ගේ වාසියට වැඩ. ලෝකයම ජය ගත්තට රට ගොඩ ගන්න බැරිනම් පලක් තියේද?
මේ අය හේතුවක් නැතුව වර්ජනය කරනවා. දුම්රිය සේවයේ කිසිම දියුණුවක් තියනවද? මේවා පුද්ගලික අංශයට පවරලා හොද දුම්රිය සේවයක් හදන්න.
දුම්රිය රියදුරන්ගේ හා නියාමකවරුන්ගේ උපාධිවලට සයිටම් ආයතනයේ උපාධිය කොයිතරම් දුරට බලපානවාද , මේගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට එම ආයාතනය නිසා ඒ අයට හෝ මහජනතාවට හෝ සිදුවන අසාධාරණය හා පාඩුව කුමක් දැයි මා නොදන්නා නිසා කවුරුන් හෝ තේරුම් කර දුන්නොත් ලොකු පිනක්.
ජනාධිපතිතුමා විහිළුවට කියපු දේ වුනත් සලකා බලන්න කාලේ හරි වගේ.
ගාල කඩාගත්තා හරක් තමන්ගේ ඉඩමත් කාලා අනුන්ගේ ඉඩමත් කනවාලු.
ජයරත්න මල් ශාලාවේ කට්ටියට නම් ජනාදිපති විහිලුවට කියපු ඒවා උනානම් කැමති ඇති
හේතුවක් නැතුව? ලංකාවේ නෙවේද ඉන්නේ? . සයිටම් එකට විරුද්ධව ගෙන යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවැරුමට සහය පල කරලා රජයට බල කිරීමක් කරන්න කියලයි මේක පවත්වන්නේ...
මේ අය හැම දේකටම තලන්නේ අහිංසක ජනතාව... ලොකු මිනිස්සු යන්නේ තමන්ගේ වාහනවල... ජනාධිපතිතුමනි හමුදාව ඉන්දියාවට යවලා ට්‍රේන් පදවන්න පුහුණු කරන්න. එතකොට මේ ගැටළුව ඉවරයි...
දැන් මේගොල්ලො කියන්නෙ සයිටම් එක දුම්රිය දෙපාර්තමේන්තුව යටතට ගේන්න කියලද?
ඔබලාට තුති
අනාගතයේ දුම්රිය රියදුරන්ගේ හා නියාමකවරුන්ගේ දරුවන්ටත් යන්න තියෙන්නෙ රජයේ වෛද්‍යවිද්‍යාල විතරයි. ඒවා රැක ගැනීම ඔවුන්ගේ වගකීමක්. ඒක තේරුම් ගැනීම ජාතියේ පිනක්. මේක නොතේරෙන අයත් ඉන්නවා. කිසිම දේශපාලන පක්ෂයකට අයිතියක් නෑ...අපේ ඡන්දයෙන් ගිහිල්ලා සල්ලිකාර කීපදෙනෙකුගේ අවශ්‍යතා ඉටුකිරීමට....