(බිඟුන් මේනක ගමගේ)
දුම්රිය ගාස්තු වැඩි කළේ 15% කින් පමණක් යැයි පැවසීම ප්‍රෝඩාවක් යැයි ද දුම්රිය ගාස්තුවලට අදාළ දුර ප්‍රමාණ අඩු කිරීම මගින් එහි සැබෑ අගය 35 % ක් පමණ වන්නේ යැයි ද දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය චෝදනා කරයි.
අවම දුම්රිය ගාස්තුව වැඩි නොකරන බව කීවත් අදාළ ගෙවීමට නියමිත දුර අඩු කිරීම මගින් අවම ගාස්තුවේ ද වෙනසක් වී ඇතැයි ද මෙමගින් තනිකරම පාරිභෝගිකයන් රැවටීමට රජය කටයුතු කර ඇතැයි ද එම සංවිධානයේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
දුම්රිය ගාස්තු වැඩිකිරීමට සිදුවන්නේ ඉන්ධන මිල වැඩිවීම නිසා නම් ආණ්ඩුව කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන්ට සපයන ඉන්ධනවලට බදු සහනයක් ලබාදීම යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ගත වූ වසර හතරේදී පොදු ප්‍රවාහනයට වෙන් කළ මුදල සීයට පනහකින් කප්පාදු කර ඇතැයි ද ආණ්ඩුව එමගින් දුම්රිය සේවකයන් මෙන්ම දුම්රිය මගීන් ද අපහසුවට පත් කර ඇතැයි ද චන්ද්‍රජෝති හිමියෝ පවසති.
සෑම පුරවැසියකුටම බදු ගොනුවක් විවෘත කර බදු පිට බදු ගසා සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ දැමූ මොහොතක දුම්රිය ගාස්තු ද වැඩිකිරීමෙන් පොදු ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් රජය මේ තීරණය ආපසු හැරවීමට කටයුතු කළ යුතු බවත් චන්ද්‍රජෝති හිමියෝ වැඩිදුරටත් පවසති.
පොදු ප්‍රවාහන සේවයක් වන දුම්රිය ලාභ ලැබීමේ ව්‍යාපාරයක් කරගත යුතු නැතැයි ද එය අද පාඩු ලබන තත්ත්වයට පත්ව ඇත්තේ රට කර වූ ආණ්ඩුවලම වැරදි ප්‍රතිපත්ති නිසා යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය ගාස්තු වැඩි නොකර නොමිලේම යන්න දුන්නා නම් නරකද හාමුදුරුවනේ...?
ස්ට්‍රයික් එක අතරේ යූනියන් එක තිබුණේ කොහිද?
දුම්රියෙන් රජයට රුපියල් කෝටි 600 ක පාඩුවක් සිද්ධ වෙනවා. ගණන් හදලා බැලුවොත් එක මගියෙකුගෙ එක් ගමන් වාරයක් සදහා රුපියල් 50 කට වැඩි පාඩුවක් රජයට සිද්ධ වෙනවා. බලාගෙන යනකොට දුම්රියෙන් දිනපතා ගමන්කරන අයට මාසෙකට රුපියල් 1500ක දීමනාවක් රජයෙන් ලැබෙනවා.
කිලෝමීටර් එක වෙනස්වුනේ නෑ, කිලෝ මීටරේට තියෙන මීටර් ගණනයි වෙනස්වුනේ , අවම ගාස්තුවත් අන්න ඒ වගෙයි වෙනස් වෙලා තියෙන්නේ, තේරුම් ගන්න
කෝච්චියේ යන අයගේ ගාස්තුව කෝච්චියේ නොයන අයගෙන් අය කරන එක තමා දැන් කරන්නේ.
අන් හැම දේකදිම මෙන් මෙතනත් රජය ජනතාව මුලා කළා. ජනතාව මේ ගෙවන්නේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු ගසා කෑම් වල පව්.
මොන බොරුද 15% දුම්රිය ගාස්තු මිල වැඩිකලා කියන්නේ.මම සැප්තැම්බර් මාසයේ සීසන් එකට ගෙව්වේ රු 720.00. ඔක්තෝම්බර් මාසයේ සීසන් එකට රු 1080.00 ගත්තා. 50% මිල වැඩි කරලා. 50% මිල වැඩි කරලා. මිල වැඩි වුන එක නෙමෙයි ප්රශ්නය. ඔය අපෙන් ගන්න මුදල් වලට මොනවද කරන්නේ කියන එකයි. අඩුම තරමේ එක අලුත් දුම්රියක් ගෙනත් දාල මිනිස්සු ඇටකටු කුඩු කරගෙන තෙරපිලා යන එකට සහනයක් දෙනවද. දුම්රිය නියමිත වෙලාවට ධාවනය කරන්න අලුත් සින්ග්නල් සිස්ටම් එකක් හදනවද.නැත්තම් අර ස්ට්‍රික් කර කර මිනිස්සු අමාරුවේදාන ජාතියට බරක් වෙච්ච නඩයට පඩි වැඩිකරනවද. සමහර දුම්රිය ස්ථානය අන්ධකාරයි. මිනිස්සු වැටි වැටි යන්නේ. ලයිට් එකක් දාන්න බැරිද මගීන් ගැන හිතල.
ලංකාවේ මිනිසුන්ට සහන තවදුරටත් ලබා නොදීම නුවනට හුරුවේ. සෑම දෙයක්ම දඩ මීමා කරගන්නවා
දුම්රිය ලාභ ලැබීමේ ව්‍යාපාරයක් කරගත යුතු නැතැයි චන්ද්‍රජෝති හිමියෝ කියයි. සියලු සේවා ලාබ ලැබිය යුතුය. එවිට සේවකයාට ආත්ම තෘප්තිය ලැබේ. එවිට රට දියුණු වේ. දුප්පතාට ආධාර දෙන්න. රජයේ සේවකයාට අඩුවට සීසන් දීම නවතා, අමතර ගමන් දීමනාවක් දෙන්න. තව ගාස්තු වැඩි කල යුතුය. සිසුවකු කාර්මික දෝෂය හදා තිබේ. අපේ දේ ගැන ආඩම්බර වන්න.
මේ සංවිධානය දුම්රිය සේවකයන්ට හරියට, පඩියට සරිලන ලෙස වැඩ කරන හැටි උගන්නන්න. එතකොට දුම්රිය සේවය සුරැකෙයි. නැත්නම් මේ අවුරුදු ගානකට පස්සේ වැඩි කරපු ගාන ගැන කතා කරලා වැඩක් වෙන්නේ නෑ. මේක වෙන්නම ඕන දෙයක්. නිකන් බොරු සංවිධානයක්. සහන දීල මේ රට ගොඩගන්න නම් බෑ. දැනටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔක්කොමලා සහන තමයි ගන්නේ. ( වාඩි වෙලා නිකන් ඉඳලා පඩි ගැනීම.)