(නයිනමඩම චන්දන ප්‍රනාන්දු හා පුත්තලම ජූඩ් සමන්ත )
අධික වර්ෂාවත් සමඟ හැමිල්ටන් ඇළ නාත්තන්ඩිය තුන්මෝදර ප්‍රදේශයෙන් පිටාර ගැලිම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට කොළඹ හලාවත හා පුත්තලම දක්වා දුම්රිය ධාවනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා සීමා වි ඇති බව පුත්තලම අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
ලුණුවිල සිට පුත්තලම දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් අද (22) උදැසන සිට ලුණුවිල දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය ආරම්භ කල බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසයි.
මාදම්පේ නාත්තන්ඩිය හලාවත හා පුත්තලම ප්‍රදේශයේ දුම්රිය මගීන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd