IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දුමින්දගේ අභියාචන විභාගය කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී  මරණ දඩුවම් නියම වු  හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු  තමන් එම දඩුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනා වැඩිදුර විභාගය සදහා තවත් දින හයකට  කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය

අද ( 27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවු අතර එහිදී මෙම වැඩිදුර පෙත්සම් විභාගය  ලබන මැයි 8, 10, 14 , 18 සහ ජුනි 4 සහ 05 සදහා කල් තැබිණි. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන  නලින් පෙ⁣⁣රේරා. සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.

අභියාචන විත්තිකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීශ අනිල් සිල්වා මහතා කියා සිටියේ මහාධිකරණයේ පැවති නඩු විභාගයේ දී තම සේවාදායකයා මිනීමැරුම් නඩුවකට බලහත්කාරයෙන් පටලවා ඇති බවය.එසේම මේ සදහා දුමින්ද සිල්වා මහතා සතු එකම නිල ගිනි අවිය කිසිම අවස්ථාවක භාවිතා නොකල සාක්ෂි එකිනෙකට පරස්පර සේම එවැනි සාක්කි වල පරස්පරතා 62 ක් පවතින බවද එබැවින් මෙය සාධාරණ නඩු තීන්දුවක් නෙවන බවද හෙතෙම කීය.
 
ත්‍රිපුද්ගල  මහාධිකරණය  විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරැන් ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බවද හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය අභියාචනයෙන් කියා සිටී. ඒ හේතුවෙන් එම දඩුවම් අහෝසි කර සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (1)

දුමින්දගේ අභියාචන විභාගය කල් යයි

සතයපාල Tuesday, 27 March 2018 10:54 AM

අපරාදේ මේ නඩුව අහන්න නාස්තිවන කාලය සහ මුදල්.

:       15       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site