(ටී.කේ.ජී.කපිල)
තායිලන්තයේ පුකෙට් නුවර සිට දෝහා බලා ගමන් ගනිමින් තිබූ කටාර් ගුවන් සේවයේ යානයක් ඇතුළත ගින්නක් සහ දුමක් ඇතිවූ බවට තොරතුරු වාර්තා වූ බැවින් එය හදිසියේම කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට එහි නියමුවා පියවර ගෙන තිබේ. කටාර් ගුවන් සේවයට අයත් කිවු ආර් 841 දරණ මෙම යානයේ මගීහු 208 ක් සහ කාර්ය මණ්ඩලය 15 ක් සිටියහ .
මෙම යානය සාමාන්‍යයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන යානයක් නොවන අතර , එය ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ගමන් ගනිමින් තිබියදී , මෙම තත්වය ඇති වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd