(ආරියරත්න රණබාහු)
කිසියම් ප්‍රශ්නයක් ඇතිවන තැනකට යාමට මහජන නියෝජිතයින්ට අයිතියක් තියෙන නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ සිද්ධි ඇති කරපු අය සිටියදී ඒවා වෙන අයගේ කරපිටට දාන්න එපා යයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“අපි අපේ මන්ත්‍රීවරු ආරක්ෂා කරගත යුතුයි. මේ බොරු චෝදනාවලින් අපේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යයිද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම සිදුවීම් වලට කිසිවකු හවුල් වී ඇත්නම් ඒ බව රටට කියන ලෙසයි.
“අපි කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් මේ කතා කරන්නේ මේ සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ගැන ප්‍රශ්නයක් මතුවී ඇති නිසයි. කතානායකතුමාට වගකීමක් තියෙනවා මේ ජාතිවාදී ගිනිදැල් ඇවිලීමට කවුරු හෝ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් කෙනෙක් හවුල් වුණා නම් ඒ පිළිබඳව රටට කියන්න“ යයිද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා
83 කළුජූලිය වෙලාවේ එජාපයේ අගමැති සහ ඇමැති මණ්ඩලය මේ පාර්ලිමේන්තුවේ කිව්වේ මොකක්ද?
මේවා පිටුපස දේශපාලන හස්තයක් තිබෙනවා. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය තහනම් කරනවා. ඒ පක්ෂවල නායකයින් ගිහින් මීගමුවේ බන්ධනාගාර ගත කළා.
නමුත් මාස ගණනක් යෑමට කළින් හෙළිවුණා කළු ජූලිය ක්‍රියාත්මක කළේ එජාප නායකයින් සහ ඔවුන් විසින් ලකුණු කරන ලද ඡන්ද පොත්වලින් කියලා.
රෝහිත අබේගුණවර්ධන මහතා
රජයේ වගකීම වෙන්නේ තමන්ගේ දේශපාලන වශයෙන් විරුද්ධවාදියාට ඇඟිල්ල දික්කිරීමට පෙර මේ ගැටුම නිසා ඇතිවී තිබෙන දේවල් සඳහා ක්‍රියාමාර්ග ගැනීමයි. මේ පත්තරේ දෙන පණිවිඩය මොකක්ද? අපිට අපේ ප්‍රදේශයේ පල්ලියට, පන්සලට යන්න සිද්ධ වුණා.. මේ ගිනිදැල් නිවා දමන්න. එහෙම යන්න තියෙන අයිතිය නැති කරන්නද මේ ආණ්ඩුව සූදානම් වන්නේ?
මේ ගිනිගන්නේ සිංහල හෝ මුස්ලිම් නොවෙයි. මුලු මහත් ජාතියමයි. රාජිත සේනාරත්න කියන කැබිනට් ප්‍රකාශකයා ටික කාලයකට ඒ ප්‍රකාශකකමින් අයින් කර තබන්න.
කතානායක කරු ජයසූරිය මහතා
අපි මේවා පිළිබඳව සාකච්ඡා කරනවා. ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නවා. වැදගත්කම තේරුම් ගෙන තිබෙනවා.
විමලවීර දිසානායක මහතා
අම්පාරේ ඇතිවූ සිද්ධිය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් නොවෙයි. එය අහම්බෙන් සිදුවූ දෙයක්. නමුත් දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒක අපේ පිටට දැමීමටයි.
අම්පාරේ ඊයේ දිනයේ කඩ වහලා තිබුණා. කඩ වැහුවේ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත්ත නිසා. දැනට ක්‍රියාත්මක නීති අනුව ඔහු මාස ගණනක් රිමාන්ඩ් කරලා. මේ නිසා ඔහුගේ ව්‍යාපාර කටයුතු, පවුල් ජීවිත මේවා අවුල් වෙනවා.
කතානායක
රටේ වර්තමාන තත්වය ගැන මන්ත්‍රීවරු අදහස් පළකළා. දවසට මම තුන් සැරයක් මේ ගැන ආරක්ෂක ලේකම්ට, පොලිස්පතිතුමාට කතා කරනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේවා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
අනුර දිසානායක මහතා
කැබිනට් ප්‍රකාශකතුමා කියලා තියෙන මේ අය කව්ද කියලා හෙළිකිරීම රජයේ වගකීමයි.
කතානායක
දැන් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කෙරෙනවා. ඒ පිළිබඳව වාර්තාවලින් පසුව කරුණු හෙළි කරනවා.
අනුර දිසානායක මහතා
ඒක තමයි පරීක්ෂණ වාර්තාවලින් පසුව මෙවැනි දේ කිවයුත්තේ. එහෙම නැතුව පරීක්ෂණ වෙමින් තිබියදී මෙහෙම කොහොමද කියන්නේ.
කතානායක
ඒකතමයි
COMMENTS
ජාතීන් අතර පමණක් නෙමෙයි එකම ජාතියේ අය අතරත් ප්‍රශ්න ඇති කරන්න කට වාචාල දේශපාලකයන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවක් ..
මේ කාලයක් පුරා ජාතිවාදීන්ට ඉඩ දීමේ ප්‍රතිපලයයි. මේ කිසිවක් ගැන මේ ආණ්ඩුව හෝ ගිය ආණ්ඩුව කෙලින් තීරණයක් ගත්තේ නෑ.
විශ්වාශ කරන්නත් අමාරුයි නේද ....! ඇතැම් "කැස්සට හොඳ- සෙමට අඟුණ " නරුමම පැණි රස තැවරු විෂ ගුලි වැනි ද්වි තේරුම් ඇති නමුත් අවැඩක්ම වෙන රසවත් වැකි සමාජගත කරන්නෙත් UNP මෙහෙවන සන්නිවේදන බලකාය විසින්ම බව. අපි ඒවා ගුලිකරගෙන ඔලුවේ ඔබා ගෙන ඉහලින්ම වැළඳ ගෙන පැට්ටු පොස්ට් තව අයට යවනවා. එවුන් සියලු සන්නිවේදන ක්‍රම,සන්නිවේදන මෙවලම්, සංවේදී තොරතුරු , ඉතිහාස තොරතුරු,ඇතැම් පිළිණු තොරතුරු , මොඩිෆයි කරපු සාහිත්‍යාංග හා සංගීතවත් හඩ, යහමින් යොදාගනී. ඉතා හොදින් රටේ වැදගත් උගත් නැණවත් බලවත් සමාජ ක්‍රියාකාරීන්ගේ වොයිස් එකත් එක් කර ගන්න තරම් එවුන් සටකපටය , දැන් දැන් වැඩි ඉහල තලයේ ප්‍රසිද්ධ බලවත් අයත් ස්වයංව එවුන් හදා දුන් ට්‍රැක් එකේ නොදැනීම දිශාගතව !. තව දැනුම හා හැකියාව ඇති ගැහැණු පිරිමි පිරිස් එවුන්ගේ තද අනුගාමිකයන් වී මුලාවේ ගැඹුරට ගිලි ගොස්.. සාමාන්‍ය ජනයා ගැන කවර කතාද ? අනෙකුත් අන්තර් සම්බන්ධතාත් අවභාවිතේ.
කෙටියෙන් කියනවා නම් , මේ වන විට අතපය දිගාරින්න වත් බැරි "කොටුවක" කොටු වී හැමෝම එය "රවුමක්" යයි සිතමින් ගෝලයක් තුල කොටු වී ඇතැයි ඝූඩ ප්‍රකාශ ගම්බිරව කතමැට දොඩමින් හා සිතමින් එලියට යන්න ප්‍රයන්ත දරයි අනිත් යටත් අමුම අමු හිරිකිතේ උපදෙස් දෙයි. අහෝ කොටු වී ඉන්න තැන නොදනී එකෙක් වත්... දැන් දැන් වාරණය කරමින් ඇත්තේ ඒ සත්‍යය දැන ගැනීම වැලැක්වීමයි ...සතුරාට අවශ්‍ය අනෙක් සියල්ල ඇතිපදන් එක රෙලට පිම්මේ වැට කඩුලු බිදගෙන ඉදිරියට යාම අප්‍රසන්න පිළිකුලින් දකිමින් සිටිමු.
අනුර මොකටද තම jvp නමින් ඉන්නේ ??
ඕකට මර්වින් සිල්වත් දා ගන්න .
එක දේශපාලනඥයින් පිරිසක් කියනවා මේක සංවිධානාත්මකව කරපු වැඩක් කියලා,මෙතන තවත් දේශපාලනඥ කියනවා මේක අහඹු සිද්ධියක් කියලා,පැහැදිලිවම එක් පිරිසක් බොරු කියන බවට පැහැදිලියි.ජාතිවාදී ගැටුම් සිදු කරන පිරිස වගේ ම ඔවුන් ආරක්ෂා කරන දේශපාලනඥයන්ට පවා දඬුවම් දිය යුතුයි.ශිෂ්ට සම්පන්න ලෝකෙට ජාතිවාදී ආගම්වාදී,ගෝත්‍රික කල්ලිවාදය ගැලපෙන්නෙ නැහැ.
කතානායකත් බලුවෙලා තියෙන්නේ අද පාර්ලිමේන්තුවේ
හොරු ටිකම හොරු අල්ලන්න යනවා. 365 දවසෙම රටේ කොහේ හරි කලබලයක් ඇති කරන කට්ටිය ලගදීම හෙළි කලොත් හොදයි.
එදා ඉඳලා අද දක්වා ම ඔබතුමාලගේ මේ සගයෝ ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය තමයි මේ රට මේ ලෝකයෙන් මේ තරම් පහත් තත්ත්වයකට පත් කරන්න හේතු වුණේ.පාර්ලිමේන්තු වරප්‍රසාද කෙසේ වුනත් කුමන පක්ෂයක හිටියත් වැරදි කරපු අයට අනිවාර්යයෙන් දඬුවම් දිය යුතුයි.මේ පාර්ලිමේන්තු යන හැම මනුස්සයාම සෙල්ලම් ගෙවල් වල පිල් බෙදෙනවා වගේ එකිනෙක ආරක්ෂා කරගන්නට deal දාගෙන සෙල්ලම් කරන්නේ රටේ අහිංසක ජනතාවගේ ජීවිතත් එක්ක. ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල් වගේ මේ සිද්ධිය අවස්ථාවාදී දේශපාලනඥයන්ට තව කාලයක් යනකන් යනකං තලු මර මර කතා කරන්න පුළුවන් රස රස කතාවක් වේවි.පරණ දේශපාලනඥයන්ටත් කවර අලුත් කරගෙන ආයෙත් බලයට එන්නත් අවස්ථාවක් වේවි.
ජාතික අසමගියට ඔය 225 දෙනාම වග කිව යුතුයි.පක්ෂ,ආගම් සහ ජාති වශයෙන් ජනතාව බෙදල තිබෙන්නේ කවුද?