IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දෙන්නෙක් අතුරුදන් කළැයි ලුතිනන් යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු මීට වසර අටකට ඉහතදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගර ගත කර සිටින වැලිසර නාවික හමුදා රෝහලේ විධායක නිලධාරී ලූතිනන් කමාන්ඩර්වරයාගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ලබන 13 වැනිදා තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) නියෝග කළේය.

වැල්ලම්පිටිය ප‍්‍රදේශය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාපා මුදියන්සේලාගේ ධම්මික අනිල් මාපා මහතා රිමාන්ඩ් කරනු ලැබ සිටියි.

මහේස්ත‍්‍රාත්වරයා මෙලෙස සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිව දිගින් දිගටම රක්ෂිත භාරයේ පසුවන තම සේවාදායකයාට ඇප ලබා දෙන්නැයි සැකකරුගේ නීතීඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමට අදාළ ඇප නියෝගය ලබා දෙමිනි.

මෙම අතුරුදන් විම සිදුව ඇත්තේ 2009 වර්ෂයේ වන අතර, මෘත ශරීරයක් මෙතෙක් හමුවී නොමැති වීම හේතුවෙන් මෙම අතුරුදන් අයවලූන් මිය ගිය බවට සනාථ කළ නොහැකි බැවින් තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙස සැකකරුගේ නිතීඥවරුන් අධිකරණයෙන් එසේ ඉල්ලීමක් සිදුකර තිබිණි.

මෙම සිද්ධියට අදාළ මෘත ශරීරය නොලැබිමම මොවුන් ජීවතුන් අතර සිටි බවට තීරණය කළ නොහැකි බවත්, සාක්ෂි ආඥා පනතේ 168 වගන්තිය අනුව එම අපරාධය සිදුවී ඇති බවට කරුණු අනාවරණය වන බැවින් සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කෙරිණ.

අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් දේපල හා රන් භාණ්ඩ කොල්ලකා ඔවුන්ගේ වෑන් රථය නාවික හමුදා කදවුර තුළ පරිහරණය කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය නාවික හමුදා උසස් නිලධාරීන්ට දැනුම් දුන් පසු අදාළ වෑන් රථය කෑලි 72කට කොටස් කර ඇති බවට කරුණු අනාවරණය වන බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණ.



අදහස් (0)

දෙන්නෙක් අතුරුදන් කළැයි ලුතිනන් යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site