අමල් වික්‍රමරත්න/ සිරංගිකා ලොකුකරවිට
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුළු දිවයිනටම රතු නිවේදනයක් නිකුත්කරමින් සියලුම ජනතාවට විම්සිලිමත්වන ලෙස දැනුම්දෙයි.
මේවන විට ගාල්ල ,හබරාදුව ප්‍රදේශවලට දැඩි සුළං තත්වයක් පවතින අතර ගාලු දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල විදුලිය බිඳ වැටී ඇත.
ධීවර ජනතාවට සහ නාවික ජනතාවට මුහුදු ගමන් වලදී විමසිලිවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන අතර මෙම තත්වය ඉදිරි පැය 24 දක්වා බලාපොරොත්තු විය හැකි බවද ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ගල්ල දිස්ත්‍රික්කයේ මේවනවිට බොහෝ ස්ථානවල ගස් කඩාවැටීම් ද වාර්තාවේ.
සුළංවලින් බේරීම සඳහා නිවෙස්තුළට වී සිටීම වඩාත් සුදුසු බවත් හැකි එළි මහනේ ගමන්කිරීම හානිදායක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේ දැඩි සුළං පැවතිය ද එය සුළි සුළං තත්ත්වයක් නොවන බවයි.
COMMENTS
අපිත් අම්බලන්ගොඩ. අපිටත් වැස්සා.. හුළං හොඳටම ලොකු හානියක් වෙලා තියෙන්නේ... ඇයි මෙතරම් භයානකයි කියලා කාලගුණයෙන් අනතුරු අඟවන්න බැරි... තවත් ලොකු හුළඟක් තියෙනවා. මිනිසුන්ට මුකුත්ම හිතන්න බැහැ. හැමෝම බයවෙලා..
තවමත් තත්වය ඒ වගේමයි. මුළු ලංකාවටම බලපානවා වගේ.. වැස්ස, සුළඟ, ගෑස් කාන්දු වෙලා, ලයිට් නැහැ. කළුවරේ ආරක්ෂිත ස්ථානයකට යන්න විදිහකුත් නැහැ. වැස්ස, සුළඟ පටන් ගත්තට පස්සේ රතු නිවේදන නොදී ඊට කළින් මිනිසුන් දැනුවත් කළා නම් හොඳ නැද්ද? මේක තව පැය 12ක් විතර තියෙනවලු. කල්පනාවෙන් ඉන්න හැමෝම...
කාලගුණ විද්‍යා එක තියෙන්නේ වැස්සක් සුළගක් හරි ආවම එ්ක ආව කියල කියන්න. නැතුව වෙන දේකට නෙමෙයි......