IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දක්ෂිණ සාහිත්‍ය කීර්ති ස්වර්ණ සම්මානය රත්න ශ්‍රී විජේසිංහට

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල මහ නගර සභා භූමියේ දී අද (25) ආරම්භ කෙරුණු දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයේදී ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාට දක්ෂිණ සාහිත්‍ය කීර්ති ස්වර්ණ සම්මානය පිරිනැමිණ. විජය පුවත් පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ හා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාට ''දක්ෂිණ පුවත් කතු ශූරී ස්වර්ණ සම්මානය" පිරිනැමිණි.

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද ''දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයේ දී  පසුගිය අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාවට දිවයිනේ වැඩිම ලකුණු ගත් සිසු සිසුවියන් හත් දෙනා අතරින් දකුණු පළාතේ පදිංචි සිසුන් තිදෙනා සඳහා දක්ෂිණ සිසු අභිමානී ස්වර්ණ සම්මානයද පිරිනැමිණි.

ඒ.යසමිණි අනුත්තර, සඳමිණි සෙනරත් පරණවිතාන සහ පී.තිවංකා රුවිෂානී යන සිසුවියෝ එම සම්මාන හිමිකර ගත්හ.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ දී දකුණු පළාතේ ජන්ම ලාභය ලබා දේශයේ කීර්තියට පත් පුද්ගලයන් වෙනුවෙන් හා සමස්ථ ලංකා ජයග්‍රහණ හිමිකරගන්නා දරුවන් වෙනුවෙන් සම්මාන පිරිනමනු ලබයි.

දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය ඉරිදා (29) දක්වා ගාල්ල මහ නගර සභා භූමියේ දී හා ධර්මපාල උද්‍යාන භූමියේ දී පැවැත්වේ.




අදහස් (3)

දක්ෂිණ සාහිත්‍ය කීර්ති ස්වර්ණ සම්මානය රත්න ශ්‍රී විජේසිංහට

Mahee Wednesday, 25 July 2018 11:43 PM

ඔන්න පළාත් සභාවකින් හොඳ වැඩක් කෙරුණා දැක්කා. රත්න ශ්‍රී ට දීපු සම්මානය ඉතාම සුදුස්සෙකුට දීපු සම්මානයක්. අර දරුවෝ තුන් දෙනාට දීපු ගෞරවයත් ඒ වගේ. බොහොම හොඳයි මහ ඇමතිතුමා. අපි ඒවාට හොඳයි කියන්න පැකිලෙන්නේ නෑ.

:       0       5

jayath Thursday, 26 July 2018 02:25 AM

ජයශ්‍රී චිරන් ජයතු රත්නශ්‍රි !

:       0       38

චන්දන Thursday, 26 July 2018 02:57 AM

අපේ කලා ශූරින්ට සුබ පැතුම්!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site