(අමල් වික්‍රමරත්න )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ආසන්න ප්‍රදේශයේ දී අද සවස වාහන 6 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇතැයි පොලීසිය කියයි.
අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ගමන් ගන්නා වාහන එක් මං තීරුවකට සීමා කිරීමට සිදුවීමෙන් අධික වාහන තද බදයක් ඇති වී තිබේ.
පවතින අධික වර්ෂාවත් සමඟ සිදු වී ඇති මෙම අනතුරින් බස් රථ දෙකක්, ඇතුළු තවත් වාහන 4ක් අනතුරට ලක්වී ඇතැයි පොලීසිය කියයි.
මේ අතර අධික වැසි නිසා වාහන ගමනා ගමනය සදහා වේග සීමාව පැයට කිලෝමීටර් 60 දක්වා අඩුකර , සැලකිළිමත් ලෙස රිය පදවන ලෙසද රියදුරන්ට උපදෙස් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)







COMMENTS
දැන් අධි වේගේ නිති රීති උල්ලංඝනය කරන පිරිස වැඩි යි. ඉස්සර කරන විට සිග්නල් දාන්නෙ නැහැ. ඉස්සර කරලා ආපසු වම් තීරුවට ගන්නා විට පරතරය අඩුයි. එක වරට ම වමට දානව. ඉතින් අනතුරු නොවී තිබේ ද?පොලි සිය මේ ගැන දැඩිව අවධානය යොමු කල යුතු වෙනවා.
අධික වේගය මරු කැඳවයි. එමනිසා අධිවේගී මාර්ගවල ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා පහත හෙලා ගැසට්ටුවක් පල කරනා මෙන් අප අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
මේ අනතුරුවලට ප්‍රධාන හේතුව ඉදිරිපසින් ගමන් ගන්න වාහනය අතර ප්‍රමාණවත් ඉඩක් නොතබා රිය පැදවීමයි.
බස් එළවන අයගෙන් බේරෙන්න බැහැ. පස්සෙන් ඇවිත් හෙඩ් ලයිට් ගහනවා. සමහරු ඩබල් සිග්නල් දාගෙන යනවා. මොන නීතිද කියලා හිතාගන්න බෑ. අධිවේගේ තමන්ට ඕනෑ විදිහට තමයි එලවන්නේ..
ලංකාවේ රියැදුරන්ට මනා දැනීමක් නැහැ මේ මාර්ගයේ වාහන ධාවනය කරන ආකාරය ගැන මොවුන් සැමටම අමතර පුහුණුවක් ලබාදෙන්න ඕනේ කොහොමද අධිවේගී මග රිය පැදවීම ගැන... ලෝකයේ අනික් රටවල බලපත් ගන්න රියැදුරන්ට වෙනම අධිවේගී මගේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මා දුටු එකම දේ දෙකට බෙදා තිබෙන මග ඉර අල්ලාගෙන ධාවනය කිරීම....
ලෝකයේ ඉන්න පණ්ඩිත මිනිස්සු ඉන්නේ ලංකාවේ කියලා කිව්වොත් නිවැරදියි. හයිවේ ඊට සමාන්‍ය පාරකවත් යන්න දෙන්නේ නැහැ. හයිවේ වල වමෙන් ඉස්සර කරන අය ඕනෑ තරම්.. සිග්නල් දාන්නේ නැහැ. වාහන ළඟින් ළඟට යන්නේ. අපි ජාතියක් වශයෙන් වලපල්ලට යන්නේ..
කරත්ත දක්කපු අයට වාහන පමණක් නොවේ. හයිවේ මාර්ගත් ලැබුණා. තමන්ට නුසුදුසු දේ අතට ලැබුණාම, ඔහොම තමයි. වාහනේ අතට ගත්තම ඔලුවේ අං එනවා. සමහරක්, මීහරක්ටත් අන්ත ලෙස මාර්ගයම බදු අරගෙන වගේ යනවා. මහා මාර්ගයක් කියලා කිසිම හැඟීමක් නැහැ. සමහරු අධිවේගී මාර්ගය රේස් ධාවන පථයක් කරගෙන. මේ හැමදේටම මුල තමයි නූගත්, අමනෝඤ්ඤ ජනතාව තුළ තිබෙන "හීන මානය" මේක මහාමාර්ගයේදී ප්‍රදර්ශනය වන සුලභ දසුනක්..?
කසාදයක් බැඳලා දෑවැද්දට ඉඩමක් ලැබුණොත්, එ්ක විකුණලා වාහනයක් ගන්න. වාහනයක් නැත්නම් කවුරුවත් ගණන් ගන්නේ නැහැ කියලා හිතලා සකල සබ්බ මනාවම ෆිනෑන්ස් එකට හරි, බැංකුවට හරි හිරකරලා වාහන ගන්න අය ඉන්න, කෙල්ලෙක් යාළුකර ගන්න හින්දා වාහනයක් නැතුව බැහැ කියලා හිතන අය ඉන්න රටක, පදිංචිය කුලියට වුණත් ෂෝ එකට වාහනයක් ගන්න අය ඉන්න රටක, මහපාරේ මේ වගේ දේවල් වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
හේතු කීපයක්ම තියෙනවා.. එකක් දැන් ඉස්සරහට වඩා වාහන යනවා අධිවේගී පාරේ. තව අවුරුදු 5-10 වෙනකොට මේකත් නිකන් ගාලුපාර වගේ වෙනවා. මොකද ලේන් දෙකයි තියෙන්නේ ඔක්කොටෝම.. දැන් වුණත් ඔෆිස් වෙලාවට බැලුවොත් පේනවා වාහන වැඩිබව හොඳටම... දෙවෙනි ප්‍රශ්නය අනිත් අයට 100 කිව්වට බස් යන්නේ 120ත් පැනලා. කහතුඩුව හරියේ වාහන කැඩෙන එකයි, අනතුරු වෙන එකයි ඉතාම වැඩියි. ඉතින් හොයලා බලන්න ඕනේ මොකක්ද හේතුව කියලා. එක්කෝ ඒ හරියේ පාර ලිස්සනවා එහෙම නැත්තම් වෙන මොකක් හරි අවුලක් ඒ හරියේ තියෙනවා..
ප්‍රධාන හේතුව තමා රියදුරන්ගේ ඉවසීම නැතිකම. ඉස්සර කිරීමේදී සහ නැවත වම් පසට ගැනීමේදී ඉදිරියේ ඇති වාහන පිළිබද කිසිම සැළකිලිමත් බවක් දක්වන්නේ නැතිවීම රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් වී ඇත.
ගිලන් රථ, පොලිස් වාහන වලට යන්න මං තීරුවක් නැති එකේ ප්‍රතිඵල දෙවැනි පින්තුරයෙන් පෙනෙනවා.
මුළු පාරම සී.සී.ටී.වී. කැමරා වලින් ආවරණය කරන්න .එවිට මාර්ග නීති උල්ලංඝනය කරන සියලුම රියදුරන් අල්ලා ගන්න පුළුවන්. ඔවුන්ගෙන් අය කරගන්නා දඩ මුදල් වලින් කැමරා පද්ධතියට යන වියදම මාස තුනක් ඇතුළත නියත වශයෙන්ම ලබා ගත හැකි වනු ඇත .