( ජයන්ත සමරකෝන්)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලට අතර මග පිවිසුම් වලින් මගීන් නංවා ගැනීමට සහ බැස්සවීම සඳහා පහසුකම් සැපයීමට අදහස් කර ඇති බවත් ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසම ලබා දෙන නිර්නායක දන්වන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය ජාතික ගමනාගම කොමිසමට දැනුම් දී තිබේ
මෙවැනි සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත්තේ ප්‍රථම දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර වසර 9 කට පසුවය.
දියමන්ති හැඩයෙන් යුතු කහතුඩුව, කඩුවෙල, දොඩන්ගොඩ, වැලිපැන්න, බද්දේගම, කසාගල, අඟුණකොළපැළැස්ස, බරවාකුඹුර යන පිවිසුම් ස්ථානයන්හිදී මෙම පහසුකම් සැපයිය හැකි බවද මාර්ග සංවර්ධන අධීකාරිය කියයි.
මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිසම වැඩපිළිවෙළක් සකස්කර ඒ බව මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම්දුන් පසු අදාළ පිවිසුම් ස්ථානවල අවශ්‍ය පහසුකම් සළසන බවද එම අධිකාරීවරයා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දක්ෂිණ අධිවේගයේ අතරමග පිවිසුම්වලින් මගීන් නංවා ගැනීමේ පහසුකම් සලසන්න යයි
Nishan Tuesday, 10 March 2020 09:03 AM
මේ ක්‍රමය අනෙකුත් රටවල මුල ඉඳන් තිබුණු දෙයක්. අපේ බුද්ධිමතුන්ට නුවණ පහල වෙලා තියෙන්නේ අවුරුදු 9 කට පස්සේ. අපේ නිලධාරීන් විදේශ වල පුහුණු වැඩසටහන් වලට යනවා එනවා මේ දේ දැක්කේ නැද්ද මෙච්චර කල්? මේ වගේ මාර්ග සංඥා පද්ධතියේත් වෙනස්කම් කළ යුතු වෙනවා. මං තීරු ලකුණු සහ වෙන් කිරීම ගැනත් අපේ අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා පිටරටවලින්.
raviTuesday, 10 March 2020 11:13 AM
එහෙනම් කියන්නකෝ බලන්න කොයි රටේද අධිවේගී මාර්ගවල බස් නැවතුම්පොළවල් තියෙන්නේ කියලා.......
JagathTuesday, 10 March 2020 11:29 AM
ජපානේ තියෙනවා.
raviTuesday, 10 March 2020 11:44 AM
ජර්මෙනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය තමයි මම මෙතන සඳහන් කරපු දියුණු රටවල්. ඉතින් මෙහෙනම් අපි " අධිවේගී මාර්ගවල බස්නැවතුම්පළවල් දැකල නැහැ. ඔයාලා දැකලා තියන දියුණු රටවල් වල සමහරවිට එහෙම දේවල් ඇති.
sanath kumara Tuesday, 10 March 2020 09:32 AM
මේක වෙනත් රටවලට ගැළපුනාට අපේ රටට නොගැළපෙන බවයි මගේ හැගීම. දැනටමත් අධිවේගී මාර්ගයේ යන බස් රථ මගින් නීතිය නැමීම සිදුවන බව ඔබ දන්නවද? ආසන සංඛාවට වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන යන සහ එසේ යාමට කැමති මගීන් ප්‍රමාණයක් සිටින බව ඔබ දන්නවද පිවිසුම් දොරටු වල සිටින පොලිස් නිලධාරීන් වාහනයට එබිකම් නොකරනුගේ ඔවුන්ට යම් ගතමනාවක් ලැබෙන නිසාදැයි සැකයක් උපදී. අධිවේගී මාර්ගයේ යන බස් රථ ධාවනය වන්නේ ඔවුන්ට ප්‍රමුඛතාවය ලැබිය යුතුයි කියන සාමාන්‍ය මාර්ගයේ නීතියටම බව ඔබ දන්නවද ?
KatakarayaTuesday, 10 March 2020 12:19 PM
මේ මෝඩ යෝඡනාව දුන්නේ කවුද? මෙයින් වෙන්නේ අධිවේගයේ දුවන බස් වල හිටගෙන යන නියමිත ගානට වඩා මගීන් ගෙන යාම සහ මගීන්ව රස්තියාදු කිරීම පමණයි. යන විදියට යන්න ඉඩ දෙන්න.
උතුරේ මිනිසා Tuesday, 10 March 2020 09:34 AM
අධිවේගී මාර්ග පහසුකම කුරුණෑගල නුවර අයට ලබන්න තව අවරුදු 999999999999999999999 ක් වත් යාවි.
Kumara Tuesday, 10 March 2020 09:34 AM
තවත් ගොන් තකතීරුවන් වැඩකට අත ගහන්න යන්නේ.
eresh S kumara Tuesday, 10 March 2020 09:35 AM
පස්සේ හරි කමක් නැහැ වැරැද්ද හරිගස්සනවා නම්.....................
Nihal Tuesday, 10 March 2020 09:44 AM
ජනතවට පහසුව සලසන්න යන කලක්
aitth Tuesday, 10 March 2020 09:45 AM
ආදී වේගේත් බස් කොට කොට යන්න පොටක් පදා ගනී අනිවාර්යෙන්ම.
DewA Tuesday, 10 March 2020 10:10 AM
ඇත්තටම මේවා මන්දගාමියි.
Widura Tuesday, 10 March 2020 10:13 AM
ගොන් වැඩක්. දැන් වැඩියෙනුත් ගෙවල් කොට කොටා යන්න තමයි වෙන්නේ. තමන්ගේ මලු විතරක් ගැන හිතන බස් කාරයෝ ටික ඔය වදෙන් අනිවාර්යන් ගොඩ යයි.
Chandima Fonseka Tuesday, 10 March 2020 10:15 AM
මොකද්ද ඔය ඩයමන්ඩ් හැඩේ කියන්නේ. මෙච්චර කාලෙකට මම නම් ඔහොම එකක් ඔය අධිවේගී පිවිසුම් වල දැක්කේ නැහැ.
nimalTuesday, 10 March 2020 10:51 AM
හා හා චමින්ද මහත්තයා, ලොකු අය කියන ඒවා එහෙමම බාර ගන්නවා මිසක් ඒවා ප්‍රශ්න කරන්න එපා.
ලුම්බිණි Tuesday, 10 March 2020 10:50 AM
මේ විදියට ළඟදීම ත්‍රී වීලර්ස් වලටත් අධිවේගේ ඉඩ දෙන්න වේවි.
mahinda Tuesday, 10 March 2020 10:53 AM
අධි වේගේත් නාරාහේන්පිට කොටුව ගානට වැටෙයිද?
kamal Tuesday, 10 March 2020 10:58 AM
දියුණු රටවල අධිවේග මාර්ගවල බස් වලට වෙනම මන් තීරුවක් වෙන් කරලා තියෙනවා කියලා සමහරු කියනවා.
චින්තක Tuesday, 10 March 2020 11:46 AM
අනේ අපොයි......හදලා දීපු පාරේ යන්න දන්නේ නැති අයට ලංකාවේ අධිවේගී මාර්ග හැදුවා වාගේ.... චීන උපමා කතාවකි...
චින්තක Tuesday, 10 March 2020 11:52 AM
කමල් මහත්මයාණෙනි, ලංකාවේ ඉන්න අය ගැන අපි හොදට දන්නවනේ. දියුණු රටවල වෙනම බස් මන්තීරු වල බස් යනවා වෙන්න පුලුවන්. නමුත් නොදියුණු බස්කාරයෝ ඉන්න ලංකාවේ බස් මන්තීරු වෙන් කරලා තාප්පයක් බදින්න වෙන බවනම් විශ්වාසයි.
Bamunuarachchi Tuesday, 10 March 2020 01:43 PM
එහෙනම් එ්කත් ඉවරයි. තව ටික දවසකින් ත්‍රීවීලර් කාරයින්ට ත්‍රීවීලර් නවත්වා ගන්න ඉඩ ලැබේවි...!!!