( රංජන් කස්තුරි)
දකුණු පලාතේ පැතිර යමින් පවතින වෛරස් උණ රෝගය වැළඳුණු රෝගීන් 600 ක් පමණ මේ වන විට හමු වී ඇති අතර ඉන් 13 දෙනකු මිය ගොස් ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසීය.
මියගිය අයගෙන් 12 දෙනකුම කුඩා දරුවන් න අතර එක් ගර්භනි මාතාවක්ද ඒ අතර සිටින බවද වෛද්‍ය විජේසුරිය මහතා කීවේය.
කරාපිටිය ශික්ෂණ රෝහල,මාතර මහ රෝහල, ඇල්පිටිය ,කඹුරුපිටිය,තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වලින් එම රෝගීන් වාර්තා වු බවද ඉන් බහුතරය කුඩා දරුවන් බවද පැවසීය.
ඉකුත් අප්‍රේල් මාසයේ සිට මේ දක්වා වෛරස් උණ රෝගීන් දකුණු පලාතේ ප්‍රදේශ රැසක පැතිර යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd