IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


දකුණු කොරියාවේ තාඩ් මිසයිල ගැන චීනයෙන් විරෝධය

ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චීනය තම දැඩි විරෝධය පළ කර ඇත. දකුණු කොරියාවේ ස්ථාපිත කරන ලද තඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරවීම ආරම්භ කළ බව ඇමෙරිකා හමුදා අඟහරුවාදා (2) පෙරවරුවේ ප්‍රකාශ කළ අතර ඉන් පැය කිහිපයකට පසු චීනය තම විරෝධය දැක්වීය. 

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයකින් ආරක්ෂා වීමේ අරමුණින් දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කළ බව ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහූ සඳුඳා (1) ප්‍රකාශ කළහ. චීනය මීට පෙරත් දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීමට තම විරෝධය පළ කළේය. 

“අපේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ඕනෑම දැඩි තීරණයකට එළැඹෙනවා” යැයි මාධ්‍ය හමුවක් අමතමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශ ජෙන් ෂුවෑන්ග් පැවැසීය.
තඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියේ රේඩාර් යොදා ගනිමින් ඇමෙරිකාව ඔත්තු බලනු ඇතැයි චීනය තර්ක කරයි. කෙසේ වෙතත් මෙම තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය ආරක්ෂාව සඳහා පමණක් යොදා ගන්නක් බව වොෂින්ටනය ඊට පිළිතුරු දෙමින් කීය. 

අසල්වැසි උතුරු කොරියාවේ මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා වැඩි දායකත්වයක් සහ අවධානයක් දක්වන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට අවධාරණය කළ චීන ජනාධිපති ෂී ජින්පින්ග් උතුරු කොරියා අර්බුදය විසඳීම සඳහා කර ඇති මැදිහත් වීම ද අගය කළේය. 

දෙවැනි ලෝක යුද්ධයත් හා සෝවියට් රුසියාව හා ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර පැවැති නිරවි යුද්ධය උතුරු හා දකුණු කොරියාව අර්බුදයට මූලික හේතු විය. 

උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර යුද්ධය 1950 වසරේදී ආරම්භ වූ අතර එය 1953 වසර දක්වා පැවැතිණි. එම යුද්ධයට සාමයෙන් අවසන් නොවූ අතර තාවකාලික යුද විරාමයකට පිවිසීමට උතුරු හා දකුණු කොරියාව එකඟ විය. 


ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව විනාශ කරන බවට උතුරු කොරියානු පාලනය නිරන්තරයෙන් තර්ජනය කරයි. 



අදහස් (0)

දකුණු කොරියාවේ තාඩ් මිසයිල ගැන චීනයෙන් විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1098 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site