IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තහනම් පොලීතීන් නිෂ්පාදන කම්හළක් වටලයි

(විනීතා එම් ගමගේ)

පිළියන්දල, මඩපාත ප‍්‍රදේශයේ සිදු කළ  හදිසි වැටලීමක දී තහනම් පොලිතීන් නිෂ්පාදනය  කළ කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධීකාරිය හා පරිසර පොලිස් ඒකකය සමත්ව ඇත.

ජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුව ක‍්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් විසින් මෙම හදිසි වැටලීම සිදුකළ අතර,මේ වන විට නීතියෙන් තහනම් කර ඇති හානිදායක පොලිතීන් නිෂ්පාදනය කරමින් සිටින අවස්ථාවේදීම ඔවුන් නීතීයේ රැහැනට හසු කරගත හැකි වු බව මධ්‍යම පරිසර අධිකරියේ නිලධාරියෙක් පැවැසීය.

ඒ අවස්ථාවේදීම අදාළ සාම්පල්, රසායනික පරික්ෂණයකට ලක්කළ අතර, එහිදි අනාවරණය වී ඇත්තේ, ජෛව හායනයට ලක් නොවන හෙවත් දිරාපත් නොවන පොලිතීන් නිෂ්පාදනය කරන බවයි.

 ඒ අනුව එම පොලිතීන් සාම්පල් අත්අඩංගුවට ගැනීමට කටයුතුකළ අතර, මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර්මාන්තකරුට එරෙහිව නීතීමය පියවර ගැනීමට කටයුතු කෙරේ.

රජය විසින් ගනු ලැබු තීරණයකට අනුව, 2017 සැප්තැම්බර් 01 දින සිට අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප‍්‍රකාරව සියළුම ආකාරයේ පොලිඑතලීන්, පොලිප්රොනපලීන් හා ඒවා ආශ්‍රිතව නිෂ්පාදන කිහිපයක් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය තහනමට ලක් කෙරුණු අතර, සහන කාලයෙන් අනතුරුව මේ වන විට එම නිතීය තදින් ක‍්‍රියාත්මක කෙරේ.

නිතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනයන් ආනයනය, නිෂ්පාදනය  ගබඩා කිරීම් හා භාවිතය සම්බන්ධයෙන් අදාළ විමර්ශන හා  හදිසි වැටලීම් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු යොදා ඇත. 

එහි ප‍්‍රථම විමර්ශන හා වැටලීම් 2018/01/03 දින පිටකොටුව වේල්ල වීදීය, පිපල්ස් පාර්ක් වෙළඳ සංකිර්ණය, අවට ප‍්‍රදේශ වලින් ආරම්භ වු අතර, මේ වන විට  දිවයින පුරා වැටලීම් සිදුකිරීමට ක‍්‍රියාකාරී සැලැස්මක් ද සකසා ඇත. පසුගිය දිනවල විමර්ශන වලදී හසු වූ තහනම් පොලිතීන් කර්මාන්තකරුවන්ට නීතිය ක‍්‍රියාත්මක කළ අතර, තවදුරටත් අදාළ විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

මේවන විට තහනම් පොලිතීන් නිෂ්පාදනයන් වෙනුවට පරිසර හිතකාමී නිෂ්පාදනයන් සඳහා විවිධ මට්ටමේ කණ්ඩායම් ඉදිරිපත්ව සිටීම ද යහපත් ප‍්‍රවණතාවක් බවත් එවැනි නිෂ්පාදනයන් දිරිමත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගන්නා අතරම තහනම් පොලිතීන් නිෂ්පාදකයන් හා අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කරන බව ද එම  නිලධාරියා සඳහන් කළේ



අදහස් (1)

තහනම් පොලීතීන් නිෂ්පාදන කම්හළක් වටලයි

සතයපාල Monday, 26 March 2018 12:26 PM

පොලීතින් තහනම හොඳයි. නමුත් ක්‍රියාත්මක කළ ආකාරය වැරදියි. විශේෂයෙන් විකල්ප හඳුන්වාදීම හා පහසු මිලකට ලබාගත හැකිවීම යන කරුණු වලට මුල් තැන දියයුතු වුවත් එසේ නොවීම නිසා මේ තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය හා භාවිතය දිගටම පවතීවි...

:       1       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site