(ජේ ඉඳුරුවගේ)
ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.
නගර් කෝවිල් මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 16.8 ක් සහ 14.6 ක් පමණ දුරකදී එම තහනම් පන්න ක්‍රමය උපයෝගී කර ගනිමින් ධීවර කටයුතු වල නිරත වී සිටියදී, දෛනික මුර සංචාරයෙහි නියුතු, උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd