බී.ජී චතුරංග
තිසාවැවේ ජලය ලබාගෙන ශ්‍රී මහ බෝධින්වහන්සේ දෝවනය කිරීම සිදු නොකරන බවත්, ගිහි, පැවිදි කණ්ඩායමක් ගෙනයන ප්‍රචාරක වැඩ පිළිවෙල නිසා අටමස්ථාන පූජා භූමියට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පිරිසිදුවීම සදහා දියනා ගැනීමට ස්ථානයක් නොමැතිවී ඇතිබවත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පැවසූහ.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැක සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේබව පැවසූහ. බැතිමතුන්ට අවහිර ඇතිවන නීති ඉවත්කිරීමට පොලිසිය පියවර ගතයුතු බව උන්වහන් සේ අවධාරණය කල අතර තිසාවැවේ දියනාන පිරිස් අත්අඩංගුවට ගැනීම වැලක්වීමට පියවර ගතයුතු බවට උන්වහන්සේ මෙහිදි පොලිස්පතිවරයාට අවධාරණය කලහ.
දැන් අළුත් කණ්ඩායමක් බිහිවෙලා මේවා රැකගන්න. පිටස්තරින් පැමිණි ස්වාමින්වහන්සේලා පිරිසක් ගිහි පිරිසක් සමග එක්වෙලා තමයි මේ දේවල් කරන්නේ. මේ පුරාණ වැව් රජදරුවන් ඉදිකලේ බැතිමතුන්ගේ අවශ්‍යතාවන්ට. රජ කාලේ රජ දරුවන්ගේ සිට මේ දේවල් ආරක්ෂා කලේ අපි. ඒවා දන්නවා පැරණි ඇත්තෝ.දැන් පිටින් ආපු කට්ටිය මේවට නීති දාන්න පටන් අරගෙන. පසුගිය දිනක තිසාවැවේ දියනෑ අයෙකු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබ්බා.
සිරිපාදේ යන උදවිය නල්ලතන්නියේ සීත ගගුලෙන් දිය නානවා.කතරගමට යන උදවිය මැණික් ගගෙන් දිය නානවා. අනුරාධපුර අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ට මේ වන විට දිය නාගෙන පිරිසිදු වෙන්න තැනක් නෑ. බැතිමතුන් දියනාගෙන පිරිසිදුවෙලයි මේ සිද්ධස්ථාන වැදපුදා ගන්න එන්න ඕන.

COMMENTS
ගරුතර ස්වාමින් වහන්ස, තිසා වැවේ ජලය අපිරිසිදු වුනොත් අනුරාධපුරයට ජලය ලබාදෙන්නේ කොහෙන්ද?
ඔබ වහන්සේට නමස්කාර වේවා !
එතකොට කව්ද මේ නීති දාන්නේ?
මිනිස්සු දැන ගන්න ඕනේ මේවගෙන් බේරෙන්න, නමුත් පුරාතනයේ වගේ නෙමේ ලොකු ගැටුමක් වගේ
කවුද කියන එක නෙවෙයි වැදගත් මොකක්ද කියන්නේ ඇයි කියන්නේ කියන ඒකයි වැදගත්. මම බොන්නේ බෝතල් වතුර මුදලට අරගෙන.
එතකොට වතුර බොන අය පව් නැද්ද
වැවක් කියන්නේ ගලා බහින ජල ප්‍රවාහයක් නොවෙයි. නාන අයගෙන් ජලයට මිශ්‍ර වෙන සබන් සහ ෂැම්පු වැවේ ජලයේම නතරවෙනවා. තහනමට හේතුව මෙයයි.
තිසා වැවේ ස්නානය නොකල යුත්තේ, ජය ශ්‍රී මහා බෝධියට ජලය ගන්නා නිසා නොව, අනූරාධපුර ජනතාවට පානීය ජලය ඉන් ලබා ගන්නා නිසායි. ජය ශ්‍රී මහ බෝධිය තම මූල පද්ධතිය මගින් අවශ්‍ය ජලය ලබා ගන්නවා. දෝවනයට අවශ්‍ය නම්, ජලයට වඩා සිත පිරිසිදුව එය කල යුතුයි, මන්ද ඔය දෝවනය කරන ජලය සංකේතයක් ලෙස මිස බෝධියේ පැවැත්මට උපකාර වන්නේ නැහැ. නමුත් වැවේ ස්නානයෙන් පසු එම ජලය බීමට ගතහොත්, අසරණ වන්නේ බෝධීන් වහන්සේ නොව, වන්දනාමාන කරන සැදැහවතුන් පිරිසයි.
මම දන්නා විදියට අනුරාධපුරේට ජලය ලබා දෙන්නේ තිසා වැවෙන්. තිසා වැවේ නාන්න අවසර දුන්නොත් වෙනත් සෞඛ්‍ය ගැටළු මතු වෙන්න පුළුවන්. ඒවටත් විකල්ප හොයාගෙන හොඳ තීරණයක් ගත්තොත් තමා හොඳ. කොහොමත් නායක ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම මානුෂිකයි.
ඒවාට තමයි ජල පිරිපහදු තියන්න
මම දන්නා විදියට තිසා වැවේ නාන්න තහනම් කලේ, එකෙන් අනුරාධපුරයට වතුර බොන්න ගන්න නිසයි, නාන්න එන අය වැව වටේට අපිරිසිදු කරන නිසයි. අනිත් වැව් වලින් නාන්න බැරිද? ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ?
මං දන්නා තරමින් අනුරාධපුරයට වතුර දෙන්නෙ නුවර වැවෙන් මිසක් තිසා වැවෙන් නොවේ....
තිසාවැවේ ජලය ලබාගෙන ශ්‍රී මහ බෝධිය දෝවනය කළත්, නැතත්, එය වැව ප්‍රයෝජනයට ගන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොකළ යුතුයි. හදිසියෙන්වත් කැළණි පන්සලෙත් බෝධීන් වහන්සේ දෝවනයට කැළණි ගඟේ වතුර ගන්නවා කියල කැළණි ගඟත් මිනිස්සුන්ට තහනම් කලොත් .. ඇයි මේ ලංකාවේ මිනිස්සු මෙච්චර ගල් යුගයක ජීවත් වෙන්නේ?
තිසා වැවේ ස්නානය සඳහා අවසර ලබාදෙන්න ලෙස ඉල්ලා සිටින ඔබ වහන්සේ එක් පොසොන් කාලසීමාවක් සදහා ස්නානයට අවසර ලබාදී ඉන්පසුව තිසා තිසා වැව පරීක්ෂාකර බලා මේ තීරණය ස්ථිර කරන ලෙස ඉල්ලා සිටින අතර ඉන්පසු වැවට සිදුව ඇති විනාශය හා ද්‍රව්‍ය කැලිකසල එක්ව ඇති අයුරු ඔබවහන්සේට හොඳින් දැකගත හැකිවේ. තවද තරමක් දුරට හෝ මුදල් හදල් ඇති පුද්ගලයින් බෝතල් වතුර පාවිච්චි කරන නමුත් අනුරාධපුර තුළ ජල සම්පාදන මණ්ඩලය බෙදාහරින වතුර පානය කරන පුද්ගලයින් සිටින බවද සිහිපත් කරමි.ස්තුතියි!