(නාලක සංජීව දහනායක)
ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදකවරයකු , අධ්‍යක්‍ෂකවරයකු මෙන්ම චිත‍්‍රපට සංරක්‍ෂකවරයකු වූ තිස්ස නාගොඩවිතාන මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (25) අභාවප‍්‍රාප්ත විය.
1942 ජනවාරි 10 වැනිදා ගාල්ල නාගොඩ ප‍්‍රදේශයේදී උපත ලැබූ නාගොඩවිතාන මහතා අභාවප‍්‍රාප්ත වනවිට 78 වැනි වියේ පසුවිය.
80 දශකයේදී තිරගත වූ කැකිල්ලේ රජ්ජුරුවෝ හා කෝලම්කාරයෝ ඇතුළු තවත් චිත‍්‍රපට කිහිපයක් අධ්‍යක්‍ෂණය කළ නාගොඩවිතාන මහතා කැකිල්ලේ රජ්ජුරුවෝ, ගුත්තිල මූසිල, මහදැනමුත්තා වැනි චිත‍්‍රපට කිහිපයක නිෂ්පාදකවරයා ලෙසද කටයුතු කළහ.
චිත‍්‍රපට සංරක්‍ෂකවරයකු ලෙස පසුකාලීනව සිනමා ක්‍ෂේත‍්‍රයතුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වූ නාගොඩවිතාන මහතා අතිශයින් දුර්ලභ සිංහල, හිංදි, ද්‍රවිඩ හා ඉංග‍්‍රීසි චිත‍්‍රපට රාශියක් සංරක්‍ෂණය කර ඇත.
දරුවන් තිදෙනෙකුගේ පියෙකුවූ නාගොඩවිතාන මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු හෙට (26) පස්වරු 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

COMMENTS
ඔබට අමා මහ නිවන්සුව ලෙබේවා !
අපගේ ලාංකීය චිත්‍රපට ආරක්ෂා කර තබාගැනීමට ඔබ ගත් උත්සහය, ශ්‍රේෂ්ඨයි.
ඔබට නිවන් සුව ලැබෙවා...!!!
ඉතාම කණගාටුදායක ආරංචියක්. නිවන්සුව අත්වේවා !
නිවන් සැප ලැබේවා...!!!
ඔබගේ නම චිත්‍රපට වල කොපමණ දැක තිබුනද ුව දැක්කේ අද මෙහි පළවූ පින්තූරයෙන්. ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදකයකු මෙන්ම සංරක්ෂණයේ පුරෝගාමියකු වු ද තිස්ස මහත්මයාණෙනි.......... උඹට අජරාමර නිවන් සුව !
මුලින්ම මෙතුමා කරලියට ආවේ ගායකයෙක් විදියට " දැන් සමහරු විකෘති කරලා ගයන වාසනා ලොවක් ගෙනාව වගේ සුන්දර ගීත මෙතුමා ගැයුවා . නමුත් පස්සේ කාලකදී චිත්‍රපට සංරක්ෂකයෙක් වශයෙන් ලොකු සේවයක් කළා...
තව බොහෝ කාලයකට "තිනා" නම් අමතකවෙන්නේ නැහැ. ස්තුතියි "තිනා" ඔබට නිවන් සැප ලැබේවා!
නිවන් සුව ලැබේවා!