IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තෙවැනි විවාහය කරගන්න යද්දී කලබගෑනියක්

( සිතුම් චතුරංග)


දෙවරක් විවාහ වී සිටි බව කියන කිලිනොච්චිය ප‍්‍රදේශයේ ගුරුවරයකු නැවත වරක් තරුණියක් සමඟ තෙවැනි වරට විවාහ වීම සඳහා අද(12) වවුනියාව කන්දසාමි කෝවිල තුළ විවාහ චාරිත‍්‍ර ඉටුකරමින් සිටින අවස්ථාවේ පෙර විවාහයේ බිරිඳ පැමිණීමත් සමඟ එම කෝවිල තුළ උණුසුම් තත්වයක් හට ගැනිනි.

වවුනියාව ,කල්මඩු ඊශ්වරිපුරම් හි 27 හැවිරිදිවියේ පසුවූ තරුණිය විවාහ යෝජනාවකින් කිලිනොච්චිය ප‍්‍රදේශයේ පාසල් ගුරුවරයා සමඟ විවාහ වීමට කටයුතු යොද තිබූ අතර එම විවාහ උත්සවය වවුනියාව කන්දසාමි කෝවිලෙහි පැවැත්වුණි.

අදාල විවාහය පිළිබඳ තොරතුරු දැනගත් පෙර විවාහයේ එක් බිරිඳක් පැමිණ ගුරුවරයා සමඟ ආරවුලක් ඇති කරගැනීමෙන් අනතුරුව මෙම අරවුල හටගෙන තිබූ බවද පොලිසිය පැවසීය. 
විවාහ මණ්ඩපයේ ඇතිවූ උණුසුම් තත්වයත් සමඟ පාසල් ගුරුවරයා හට ළමුන් දෙදෙනකු සිටින අයෙකු බවට එහිදී අනාවරණය වීමෙන් අනතුරුව විවාහ වීමට සිටි තරුණිය හා ඇගේ ඥාතීන් වවුනියාව පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් කරමින් අදාල ගැටළුව පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලීම් කළේය.

පසුව පොලිසිය වෙත කැඳවා ප‍්‍රශ්න කළ පාසල් ගුරුවරයා පවසා ඇත්තේ එක් බිරිඳක් සමඟ නීත්‍යනුකූලව විවාහවී දරුවන් දෙදෙනකු සිටින අතර එම විවාහයේ බිරිඳ සමඟ තමන් දික්කසාද වීමට අවශ්‍ය කටයුතු කොට ඇති බවත්ය.

උත්සව ශාලාවට පැමිණි බිරිඳ යැයි කියන කාන්තාව සමඟ යාපනය කොඩිකාමම් හිදී කෝවිලක් තුල හින්දු චාරිත‍්‍රානූකූලව තැල්ල පමණක් බැඳ ඇතැයි කී ගුරුවරයා ඇය සමඟ කිසිදු නීත්‍යනුකූල විවාහයක් සිදුනොකර ඇති බවත් කරගැනීමට ගිය විවාහය නිත්‍යකූල බවද පොලිසිය වෙත පවසා තිබේ.

ළමා හා කාන්තා කාර්යංශ නිලධාරීන් විසින් දෙපාර්ශවය සමඟ පැමිණිල්ල විමර්ශනය කොට එකඟතාවට පැමිණීමෙන් අනතුරුව අදාල ගුරුවරයා මුදා හැරීමට පියවර ගැනිනි.

එම අවස්ථාවේ විවාහ වීමට ගිය තරුණිය විසින් තමන් විවාහ වීමට ගිය පුද්ගලයා අනවශ්‍ය බවට පවසා විවාහයට පැමිණි තම ඥාතීන් සමඟ නිවස වෙත යෑමට කටයුතු කළේය.
  



අදහස් (0)

තෙවැනි විවාහය කරගන්න යද්දී කලබගෑනියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site