(සුජිත් හේවාජුලිගේ)
තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම මෑතදී ඉවත් කර ඇතැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ චෝදනා කරති.
ක්ලොරොෆයිරිපොස් (chlorpyripos) කැබ්‍රිල් (cabryl) හා කාංබොෂියුරාන් (Carbo furan) යන පලිබෝධනාශක තුනේ තහනම මෙසේ ඉවත් කර තිබෙන බවද උන්වහන්සේ කීහ.
මේවා මෙරට 2017 වර්ෂයේ සිට තහනම් කෙරුණු පලිබෝධනාශක යැයි කී උන්වහන්සේ කැබිනට් අනුමැතියක් පවා නොමැතිව මේවායේ තහනම ඉවත් කළේ කවුදැයි ප්‍රහේළිකාවක් බවද ප්‍රකාශ කරති.
මේ පිළිබඳව රජයේ ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු කරවන බවද අතුරලියේ රතන හිමියෝ පැවැසුහ.
COMMENTS
රට කිරීමට ජාතික ප්‍රතිපත්තියක් නොමැති අප රට පක්ෂ න්‍යාය පත්‍රය රජ කිරීම නැමති උග්‍රම පලිබෝධනාශකයෙන් විනාස වී අවසන්ය. ඒ නිසා කුමන පලිබෝධනාශක තහනම් කලත් වැඩක්නැත
පලිබෝධ නාශනය සඳහා ප්‍රයෝගික විකල්ප ඉදිරිපත් නොකර, ඒවා තහනම් කරන්නට යයි කියා මොර ගෑමෙන් පලක් නැහැ.
මේ රටේ සිටින ලොකුම පලිබෝදකයන් වන්නේ ඔබ වහන්සේ ඇතුළු සියලු දේශපාලකයන්ය. අප කල්පනා කලයුත්තේ මෙයින් ගැලවෙන ක්‍රමවේදයක් ගැනය.