ඩයනා උදයංගනී
තෙල් මිල වැඩිවන විට වෙනත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඊටත් වඩා ඉහළ නැංවීම වැළැක්වීමේ වගකීම මුදල් අමාත්‍යාංශය විසින් භාරගෙන ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ජාතික ආර්ථික සභාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව කී අමාත්‍යවරයා එය නතර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වගකීම මුදල් අමාත්‍යාංශය මෙසේ භාරගෙන ඇතැයි සඳහන් කළේය.
ජාතික පාරිභෝගික අධිකාරිය වඩාත් ශක්තිමත් කර අවශ්‍ය නම් අලූත් නීති රීති ද සම්පාදනය කරමින් පසුවිපරමක් සමඟ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජාතික ආර්ථික සභාව මගින්ද තීරණයක් ගෙන ඇති බව ඇමතිවරයා කීවේය.
මිල සූත‍්‍රය ක‍්‍රියාත්මක වෙන්නේ කැබිනට් අනුමැතිය වගකිව යුතු නිලධාරී මණ්ඩලයක් මගින් බව කී මහින්ද සමරසිංහ මහතා එහිදී ජාත්‍යන්තර තෙල් මිල අනුව මිල තීරණය කෙරෙන බව ද ප‍්‍රකාශ කළේය.
එයින් ජනතා සේවාවලට ගැටලූ ඇතිවෙනවා නම් ඒ ගැන සොයා බැලීමට ද රජය බැඳී සිටින බව කී අමාත්‍යවරයා ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවද කීවේය.
දැනට තෙල් මිල ඉහළ මට්ටමක පැවතියත් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වනු ඇතැයි ද ඇමති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.
මිල සූත‍්‍රය අනුව තෙල් මිල වෙනස් වන විට අයුතු ප‍්‍රයෝජන නොගන්නා ලෙස ව්‍යාපාරිකයින්ගෙනුත් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා පැවසීය.
COMMENTS
මොනවද මේ කතා. තෙල් මිල නගිනකොට ප්‍රවාහන ගාස්තු වැඩිවන්නේ නැද්ද? ප්‍රවාහන ගාස්තු වැඩි වන විට ප්‍රවාහනය වූ බඩු වල මිල වැඩි වන්නේ නැද්ද? මොනවද මේ නොකෙරෙන කතා. බන්දුල ගුණවර්ධන මහතා හරි රට මහා ආර්ථික අර්බුදයක. පළමුව කලයුත්තේ රට 1977 කාලයේ තිබුනා වගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැතියන්ගේ වැටුප් විශ්‍රාම දීමනා නවතා දමා එතනින් පටන්ගැනීමයි.
ඔය කියන විදියේ දේවල් කවදද නතර කෙරුවේ බොරුවට කියනවා. අපි සාකච්චා කරගෙන යන්නේ ජනතාව සුරගෙන කන්න ඉඩ තියන්නේ නැහැ කියලා නමුත් උදේට නැගිටලා එලියට බහින කොට සේරම සාකච්චා අසාර්ථකයි. වෙළෙන්දන්ට ඕන විදියට බඩු මිල වැඩි කරගන්න ඉඩ දෙනවා. නමුත් ඡන්දයක් අත ලග එනවනම් කොහෙන් හරි කුණු කරෝල ගෙනත් දමලා මිල අඩු කෙරුවා කියනවා. ජනතාව වෙනුවෙන් නැගී සිටින්නේ කවුද.
රටේ බඩු මිල වැඩි කරන්න රජයක් ඕන නැ කියලා අපි දැන ගත්තේ යහ පාලනයෙන්
දැන් බැලුවාම " උගත් මෝඩ ගවයනුත් " මේලෝකේ ඉන්නවා කියල මේවත් හොද උදාහරණ.
ඔය බොරු කයිවාරු නවත්වලා වැඩකට ඇති දෙයක් කළා නම් නරකද ? අපි ගොවියාගෙන් වී මිලට ගන්න මිල වෙනස් වීමේදී පාරිභෝගිකයා ට සහල් වලට ගෙවන මිල වෙනස්වීමේ මිල සුත්‍රයක් හැදුවොත් මුළු ලංකාවේම බත් කන අයට ලොකු සෙතක් වෙයි .
බයිලා අහලා ඇති වෙලා.