(විනීතා එම් ගමගේ)
පවතින ඉන්ධන ප‍්‍රශ්නයට ක්ෂණික විසඳුම් ලබා දීමට කැබිනට් මණ්ඩලය මඟින් අමාත්‍යවරුන් සිව් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබ ඇත.
අද (07) පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම කමිටුව පත් කරනු ලැබ ඇති අතර ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
ඉන්ධන අර්බුදය වහා විසඳා ඉක්මණින්ම ඉන්ධන තොගයක් ගෙන්වා ගැනීම සඳහා මෙම කමිටුව පත් කරනු ලැබු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවේ දී ප‍්‍රකාශ කළේය.
හෙට තෙල් නැවක් පැමිණෙන නමුත් පවතින ප‍්‍රශ්නයට නිසි විසඳුමක් අවශ්‍ය බැවින් මෙසේ කමිටුවක් පත් කළ බවත් හෙතෙම කීය.
හිඟයක් ඇතැයි යන සැකය මත වාහන හිමියන් විසින් වැඩිපුර තෙල් ලබා ගැනීම නිසා පවතින අර්බුදය දෙගුණ තෙගුණ වී යැයි කී ඒ මහතා වෙනදා තෙල් ලීටර් 10 ලබා ගන්නා අය හිඟය ඇතිවීමත් සමඟ ලීටර් 30-40 එක්කරගත් බව ද පැවැසීය.
බාල තෙල් ප‍්‍රතික්ෂේප වීම පිරිපහදුව අක‍්‍රීය වීම තෙල් නැව පමාවීම වැනි සියලූ දේ එක විට සිදුවීම පිළිබඳව පරික්ෂණ පැවැත්වෙන බව ද ලේකම්වරයා කිය.
කෙසේ වෙතත් බාල තෙල් නැව ප‍්‍රතික්ෂේප වීම ගැන සතුටු වන බවත්, එය වරායක තබා ගැනීම කිසිසේත්ම අදාල නොවන බවත්, නවතා ගෙන සිටින තරමට රටට අදායම් එන නමුත් කිසිසේත්ම එය රට තුළට නොගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටු වාර්තාව එන්න කොච්චර කල් යයිද? ඉන්ධන අර්බුදයක් ඇති වෙන කම් බලන් ඉඳපු ඇමැතිත් මේ කමිටුවේ. මොනවද ඔය ගොල්ල කරන්නේ?
මෙහෙමත් රටක්!
බොරු වැඩ ?
හිනා යනවා මෙහෙම මොංගල් නිව්ස් දකිද්දී. කමිටු පත් කර කර ඉන්නෙ නැතුව තෙල් ඔඩර් කරහන්. පත්තරෙන් නිව්ස් එක දකිනකන්ද ඉන්නෙ?
තෙල් මිල වැඩිකරන පාටක් තියෙන්නේ
මේවගේ තෙල් ප්‍රශ්නයකට මුහුණ දෙන්න අඩුතරමේ සතිදෙකකට තෙල් ස්ටොක් එකක් තියාගගන්න බැරි වැඩ බැරි ටාසන්ලගෙන් පිරුණු ආණ්ඩුවක් මේක.
දැන් කමිටුවක් පත් කලාම තෙල් උනනවා ද? මොවුන්ට මේ සම්බන්ධයෙන් තියෙන තාක්ෂණික දැනුම මොනවගේ ද? දැක්කා ද පොලිස් නිලධාරියෙක් මොලේ නැතුව හැසිරුණු හැටි? වාහනය තෙල් නැතුව හිටලා නම් කෑන් එකකට තෙල් ගෙනියන්නෙ නැතුව වාහනය උස්සගෙන එන්න ද? මෙහෙම මොලයක් නැති මිනිසුන් ගෙන් රටට දියුණුවක් ඇති වෙයිද?
මේ ආණ්ඩුවෙ හරියට වැඩක් කරන එක අමාත්‍යංශයක්වත් තියෙනවද? හරිම අභාග්‍යසම්පන්න තත්වයක්. ජනතාව දිනෙන් දින අගාධයට. සල්ලිදීල ගන්න ඉන්ධන ටික දෙන්න බැරිනම් තවත් මොනවා කතාකරන්නද?
ප්‍රතික්ෂේපිත නැව ශ්‍රී ලංකාවට අයිති වරායක තිබෙනවා කියන්නේ එය රට තුලට ගත්තා හා සමානයි. සාධාරණ හේතුවක් නැතිව වරාය තුල ලංකාවට අයත් නොවන නැවක් ඇතිවිට වග කිව යුත්තන් එය සොයා බැලිය යුතුය. කිසිම කොන්දක් නැති නිවටයෝ බලධාරීන් වූ විට මෙවැනි දේවල් වීම පුදුමයකුත් නෙමේ. හැබයි මහජනතාව ගොනාට අන්දන්න සූදානම් වෙන්න එපා නැව වරායේ නිකන් නවතා සිටීමෙන් ලංකාවට ආදායම් ලැබෙනවා කියලා. නැව අයිති කාරයොත් මෝඩයෝ නෙමෙයි. ඔව්න් යම් ක්‍රියාවක් කරන්නේ ඉදිරියේදී තමන්ට වාසි ලැබෙන බව දැන ගෙනයි.
හෙට අනිද්දා වෙනකොට මේ " නිහීන අමබරුවන්ට වැසිකිලි යන්නේ නැහැ " කියලත් කමිටුවක් දානවා නිසැකය.