(ප්‍රසන්න පත්මසිරි)
බිබිල බදුල්ලගම්මන ප්‍රදේශයේ පාලමකින් වැටුණු ත්‍රී රෝද රථයක් ගල ඔයේ ගසාගෙන ගොස් ඇති බව බිබිල පොලිසිය කියයි.
එහි ගමන්ගත් දෙදෙනකු ගස් වැල්වල එල්ලී දිවි බේරාගෙන ඇති අතර ඔවුන් බරපතල තත්ත්වයේ පසුවීම නිසා බිබිල මහ රෝහලට ඇතුළත් කර ඇත.
අද (08) බදුල්ලගම්මන ප්‍රදේශයේ පැවති අධික වර්ෂාවත් සමග පාරේ ගමන්ගත් එම රථය ලිස්සා ගොස් පාලමකින් ගල ඔයට පෙරලී ඇත.
ඔවුන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබ ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්ට්‍රල් ඉවර වෙන්න ඇති මගදි. යන්න ක්‍රමයක් නැති නිසා ඔයට දාලා පාවෙලා යන් කියලා හිතෙන්න ඇති.